hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2026 ජූලි 05, ප.ව. 8:04



2026 කාන්තා T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩංගණයේදී මේවන විට පැවැත්වෙයි.

අවසන් තරගයේදී ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් තරග වදිනවා.

කාන්තා T 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර 10වන වරට පැවැත්වෙන අතර ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අවස්ථා 6කදී ශූරතාව දිනාගෙන ඇත.

එංගලන්ත කණ්ඩායම T20 ලෝක කුසලානය එක්වරක් පමණක් ජයගෙන තිබෙනවා.

කණ්ඩායම් දෙකම පැවති සියලු තරග ජය ගනිමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා තිබීමත් විශේෂත්වයකි. 

අවසන් තරගයේ කාසියේ වාසිය ඔස්ට්‍රේලියාව දිනාගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළා.

LONDON, ENGLAND – JULY 04: <> during a England Nets Session at Lord’s Cricket Ground on July 04, 2026 in London, England. (Photo by Alex Davidson-ICC/ICC via Getty Images)