2026 ජූලි 09, පෙ.ව. 12:32
කොදෙව් දේශයේ ඇන්ටිගුවාහිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනමින් පළමුව පන්දුවට පහර ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී 549ක් ලබා ඉනිම අත් හිටුවන්නට තීරණය කළා.
මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ ලහිරු උදාර ලකුණු 188යි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් ද,සොනාල් දිනූෂ ලකුණු 92ක් ද ලබා ගත්තේය.
පළමු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් සියල්ලන් දැවී ලකුණු 499ක් ලබා ගත්තා.

නායක ෂේ හෝප් ලකුණු 112ක් සහ ජැස්ටින් ග්‍රේව්ස් ලකුණු 180ක් රැස්කළා.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 5යි.
ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් දවා ගත්තේය.
දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා කොදෙව්වන්ට ලකුණු 302ක ඉලක්කයක් හිමිකර දුන්නා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 71ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් රැස්කළා.
තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට දෙවැනි ඉනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 109ක් ලබා ගෙන සිටියා.
පළමු තරගය ජය ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජය ගත්තා.
කොදෙව්වන් ශ්‍රී ලංකාවට එරෙහිව 23 වසරකට පසු ටෙස්ට් තරගාවලියක් ජය ගත් අතර අවසන් වරට ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබුණේ 2003 වසරේදීයි.
2026 ජූලි 07, පෙ.ව. 10:09
2026 ජූලි 05, ප.ව. 10:15
2026 ජූලි 05, ප.ව. 8:04
2026 ජූලි 04, ප.ව. 10:24
2026 ජූලි 02, ප.ව. 11:21