hit counter

2025 සැප්‍තැම්‍බර් මස 22 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:01



අද (22) දින අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී T 56 ගිනි අවියක් සහ නවීන ගිනිඅවි 04ක් සොයාගෙන ඇත.

අද (22) දින මෙම ලොරි රථය ධාවනය කරමින් තිබියදී පොලීසිය විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම රථය තුළ තිබී අයිස් සහ හොරොයින් කිලෝ 200ක් සොයාගෙන ඇත.

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයේ සකසන ලද විශේෂ කුටියක සඟවා මෙම මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි ප්‍රවාහනය කර ඇති බව පොලීසිය සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: