hit counter

2025 සැප්‍තැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 3:52



ගාල්ල, කොටුව ඕලන්ද ගොඩනැගිල්ල පිටුපස මුහුදේ රළ පහරකට හසුව ගසාගෙන යමින් සිටි තරුණයෙක් සහ තරුණියක් බේරා ගැනීමට එහි පැරණි ඕලන්ද ගොඩනැගිල්ලේ සේවය කරමින් සිටි සේවක පිරිසක් විසින් කටයුතු කර තිබෙනවා.

මොවුන් මානවිල හා හබරාදූව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිරිස එකතු වී කඹ යොදාගනිමින් ගසාගෙන යන දෙදෙනා බේරා ගැනීමට කටයුතු කර තිබුණා.

අනතුරුව මොවුන් දෙදෙනා කරාපිටිය රෝහල වෙත යවා ඇතුලත් කර තිබෙනවා.

තරුණිය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තරුණයා හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

“ඊයේ හවස මම කොටුවේ බැම්ම උඩට නැන්ගා. එතකොට මං දැක්කා මුහුද මැද තියන අට්ටාලේ ඉඳලා ගෑණු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි පහලට එනවා. ඒ එනකොට ලොකු රැල්ලක් ආවා. ඒත් එක්කම එයාලා වැ ටුනා. මම කෑගැ හු වා කඹයක් ගේන්න කියලා. ඒක ගෙනකන් බලන් ඉන්න බැරි නිසා මම බැම්මෙන් පැ නලා එයාලට අත දුන්නා. ඒත් අහුවුනේ නෑ. ඒ දෙන්නා මුහුදට ගහගෙන ගියා. ඊටපස්සේ කට්ටිය ඇවිත් එයාලව බේරගත්තා පහලට බැහැලා. ටිකක් අමාරු නිසා ගෑණු ලමයාව අපි රෝහලට එක්කන් ගියා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: