2025 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:06
තමා සහ පවුලේ අයගේ වත්කම් සියල්ල නියමිත ආකාරයෙන් උපයාගත් ඒවා බවත් ඊට නියමිත ලෙස බදු ගෙවා තිබෙන බවත් කී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සිය වත්කම් බැරකම් සියල්ල ඕනෑම වේලාවක ඕනෑම ආකාරයකින් ඉදිරිපත් කළ හැකි බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මේ වසරේ පස්වැනි වරට රැස්වීමෙන් අනතුරුව ගන්නා ලද තීරණ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේදී පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.
අවුරුදු 40 කට වැඩි කාලයක් තමා ආදායම් බදු ගෙවන අයකු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් එය බලාගත හැකි බවද ඔහු කීවේය.
“අන්තිම සතේට බදු ගෙවපු කෙනෙක් මම. මහ බැංකුවේ කොන්දේසි අනුව තමයි මම සහ පවුලේ අය සියලුම දේවල් සිදුකර තිබෙන්නේ’’ යැයිද හෙතෙම පැවසුවේය.
මේ අතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මහ බැංකු අධිපතිවරයා විසින් ලබාදුන් වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන්කර තිබුණේ ඔහුට සහ පවුලේ උදවියට රුපියල් කෝටි 43 ක වත්කම් ඇති බවයි.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26