hit counter

2025 සැප්‍තැම්‍බර් මස 29 වන සඳුදා

2025 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 12:15



සංවිධානාත්මක පාතාල කණ්ඩායම් සමග එක් වී අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවට වූ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී සම්පත් මනම්පේරි නමැත්තා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරන කටයතු සිදුකර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා පැවසූවේ සම්පත් මනම්පේරි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම් යන තනතුර හොබවා ඇති බවයි.

ඊට අමතරව එම පක්ෂයේ තවත් බොහෝදෙනෙක් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට මේ වනවිට අනාවරණය වෙමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: