2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:03
නවක හෙද හෙදියන් 294 දෙනෙකු සහ වාග් චිකිත්සක නිලධාරීන් 9 දෙනෙකු මෙන්ම ඖෂධවේදීන් 6 දෙනෙකු සෞඛ්‍ය සේවාවට ඇතුළත් කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබන මෙම නවක හෙද නිලධාරීන් 2019 සිසු හෙද කණ්ඩායම යටතේ තුන් අවුරුදු හෙද පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලද සිසු හෙද හෙදියන් වේ.
වාග් චිකිත්සක නිලධාරීන් මෙරට පිළිගත් විශ්ව විද්‍යාලයක කතන හා භාෂා චිකිත්සක විශේෂවේදී උපාධිය සම්පූර්ණ කර ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ලද විභාගය සමත් වී අවශ්‍යවන සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන් වන අතර තුන්වන ශ්‍රේණියේ ඖෂධවේදීන් ලෙස පත්වීම් ලබන මෙම නිලධාරීන් වසර දෙකක ඖෂධවේදී ඩිප්ලෝමාව සාර්ථකව නිමකරන ලද හා අවශ්‍ය වන අනෙකුත් සියලු සුදුසුකම් සම්පූර්ණ කරන ලද නිලධාරීන්ය.
ගුණාත්මක හා ප්‍රශස්ථ රෝගී සත්කාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාම අරමුණු කර ගනිමින් උතුර සහ නැගෙනහිර පළාත් ප්‍රමුඛ කරගනිමින් දිවයින පුරා පිහිටි මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් හා පළාත් සභාව යටතේ පාලනය වන රෝහල්වල පවතින පුරප්පාඩු සලකා බලා 2025.10.15 වන දින සිට ක්‍රියාක්මක වන පරිදි මෙම නවක නිලධාරීන් අනුයුක්ත කර ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වීම් ලබා දීමෙන් අනතුරුව අදහස් දක්වමින් මෙරට සෞඛ්‍ය සේවාව ඉලක්ක සහගතව මෙහෙයවන බවත් එමෙන් ම මේ දිනවල මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලවන ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරමින් සිටින බව ද අවධාරණය කර සිටියේය. ඒ අනුව ඉදිරි වසර දහයට සරිලන පරිදි සියලු අංශ ආවරණයවන ආකාරයට සුවපත් රටක් උදෙසා මෙම සෞඛ්‍ය ප්‍රතිපත්තිය කෙටුම්පත සකස් කරන බව ද සඳහන් කරනු ලැබීය.
එහි දී විශේෂයෙන්ම බෝනොවන රෝග පාලනය, ප්‍රතිකාර කිරීම, මානසික සෞඛ්‍ය, පෝෂණය,වැනි ක්ෂේත්‍ර සදහා වැඩි අවධානයක් යොමුකරන බව ද අමාත්‍යවරයා සදහන් කර සිටියේ ය. එමෙන්ම මෙයට සමගාමීව උපාය මාර්ගික සැලසුම් ද සකස් කරමින් සිටින බවත් මෙම වර්ෂය අවසන් වීමට පෙර එම කටයුතු අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
වත්මන් රජය කිසිදු හිගයකින් තොරව සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍ය වන මුදල් සියල්ල ලබා දෙන බව සිහිපත් කළ අමාත්‍යවරයා පසුගිය මාර්තු මාසයේ අයවැයෙන් ද රුපියල් බිලියන 604ක් වෙන් කළ බවද පැවසීය. එළැඹෙන අයවැයේ දී ඒ හා සමානව මුදලක් සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා වෙන්කරනු ඇති බව ද වැඩිදුරටත් පැවසීය.
තවත් හෙද නිලධාරීන් සහ නිලධාරිනියන් සැලකිය ප්‍රමාණයක් මෙරට සෞඛ්‍ය සේවාව සදහා අවශ්‍යවන බවත්, එය සම්පූර්ණ කිරිමට නම් පුහුණුව සහිත කණ්ඩායම් බදවා ගත යුතුබවත් සදහන් කල අමාත්‍යවරයා උපාධිදාරීන් 875 ක් බදවා ගැනීමට අනුමැතිය ලබා ගත් බවත්, එම පිරිසට මාස හයක අනුස්ථාපන සහ සමායෝජන පුහුණුව මෙම මාසයේ දී ආරම්භකරන බවත්,එළැඹෙන අප්‍රේල් මාසය වන විට එම පිරිසට හෙද නිලධාරීන් ලෙස පත්වීම් ලබා දීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පළ කළේ ය.
නව කණ්ඩායම් හෙද විදුහල් සදහා ද බදවා ගැනීමට මේවනවිට සම්මුඛ පරීක්ෂණ ආරම්භකර තිබෙන බව සදහන් කළ අමාත්‍යවරයා වෛද්‍යවරුන් සඳහා ද ප්‍රමාදයකින් තොරව පත්විම් ලබා දීමට කටයුතු කරන බවද සඳහන් කර සිටියේය.
එමෙන්ම පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තියන් බදවා ගැනීමට ගැටළු කිහිපයක් තිබුණු බව ද අවධාරණය කළ අමාත්‍යවරයා එයට විසදුම් ලබා දෙමින් අදියරෙන් අදියර එම තනතුරු සදහාද පත්වීම් ලබා දිමට කටයුතු කරන බවද පැවසීය.
සෞඛ්‍ය කාර්ය සහායකයින් 2900 ක හිඟයක් පවතින බව හදුනාගෙන ඇතිබවත්, එයින් 1900ක පුරප්පාඩු මේ වසර අවසන් වීමට පෙර පිරවීමට හැකිවෙනු ඇතැයිද අවධාරණය කළ අමාත්‍යවරයා කිසිදු ප්‍රමාදයකින් තොරව නිසි සැලසුමකට අනූව එම බදවා ගැනීම් සිදුකරන බවද සදහන් කර සිටියේය.
රාජ්‍ය සේවාවේ වැටුප් වැඩිකරීමෙන් රජය බලාපොරොත්තුවන්නේ වෘත්තිකයන් රාජ්‍ය සේවාව තුළ රදවා ගැනීම මෙන්ම තෘප්තියක් සහිතව සේවාවේ නිරත වීම සඳහා බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 8:45
2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:25
2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:20
2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:17
2025 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:10
12-10-25
12-10-25
11-10-25
11-10-25
11-10-25
11-10-25
10-10-25
10-10-25
10-10-25
10-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
06-10-25
06-10-25
05-10-25
05-10-25