hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:09



මේ වන විට ජාතික ජන බලවේග ආණ්ඩුව රට පුරා පැවැත්වෙන සමූපකාර ඡන්දවලින් අන්ත පරාජයක් ලබමින් ඇතැයි හිටපු අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් බලය ලබා ගෙන අවුරුද්දක් ඇතුළත මෙවැනි ඉරණමකට ගොදුරු නොවූ බවයි.

ආණ්ඩුවේ ඇමතිවරුන් දැන් සමූපකාර ඡන්දයකින් ජනතා මතය පිළිබිඹු නොවන බව ප්‍රකාශ කළ ද මාලිමාව විපක්ෂයේ සිට ඒවා ජයග්‍රහණය කරන විට එය ජනමතයේ පිළිබිඹුවක් ලෙස වර්තමාන ජනාධිපතිවරයා එදා හැඳින්වූ බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කරයි.

එහෙයින් වත්මන් ආණ්ඩුව කෙරෙහි පවතින භූමියේ සැබෑ ජනමතය සමූපකාර ඡන්දවලින් පිළිබිඹු වන බවයි, ඔහු අවධාරණය කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: