hit counter

2025 නොවැම්‍බර් මස 01 වන සෙනසුරාදා

2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12



ජාතික ජන බලවේග රජය යටතේ හොරකම, වංචාව, දූෂණය සහ නාස්තියට කිසිසේත්ම ඉඩක් නොමැති බවත්, එවැනි ක්‍රියාවල නිරත වන ඕනෑම අයෙකුට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙන බවත් එම පක්ෂයේ විධායක සභික අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසූවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හෝ සභාපතිවරුන් වේවා, කිසිවෙකු හෝ එවැනි දූෂිත ක්‍රියාවකට සම්බන්ධ වුවහොත්, ඔවුන් වහාම එම තනතුරුවලින් සහ පක්ෂයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බවට දැඩිව ප්‍රකාශ කළේය. “මේ ගැන ජනතාවත් නිරන්තර විමසිල්ලෙන් සිටිය යුතුයි,” යනුවෙන් ඔහු ජනතා වගකීමද සිහිපත් කළේය.

මේ අතර, රටේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පිළිබඳවද අදහස් දැක්වූ ලාල්කාන්ත මහතා, ශ්‍රී ලංකාව තවමත් පිටරටින් සහල් ආනයනය කිරීම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන්නේය.

2028 වසර වන විට පිටරටින් සහල් ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතර කර, රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ පැහැදිලි සැලැස්මක් මත වත්මන් රජය කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: