2025 නොවැම්බර් 23, ප.ව. 4:20
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට තමා විසින් ‘කුමාරයා’ යනුවෙන් හැඳින්වූයේ ‘වේදිකාවට නායකත්වය දුන් පුද්ගලයා’ ලෙස හැඟවීමට බවත්,වර්තමානය වන විට එම වචනයට ආණ්ඩුව බිය වී ඇති බවත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.
එහිදී ඔහු කියා සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ විවාහ උත්සවය සඳහා තමාද ඉන්දියාවට යාමට අවශ්‍ය බව සඳහන් කරමින් සිය අසුනෙන් නැගිට ගියා.
මේ සඳහා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද පසුගිය 21 වැනිදා එනම් ‘මහා ජන හඬ’ රැළිය පැවැත්වූ දිනයේ ඉන්දීයාව බලා පිටත්ව ගියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,
“සතුටු වෙන්න තව ගොඩක් කල් තියෙනවා. මම කිව්වේ තාම මේක පළවෙනි වෙඩි මුරේ විතරයි කියලා. ඉතින් තවම සතුටු මදි. හැබැයි අපි සතුටු වෙනවා ආරම්භයක් ගත්තේ කියලා. සතුටු වෙන්න තව කාලයක් යයි. එදාට අපිට සතුටු වෙන්න පුළුවන්. හැබැයි සතුටු වෙනවා කියන්නේ ආණ්ඩුවක් පෙරලිලා අපි බලය ගන්න එක නෙමෙයි. තව වක්‍රාකාරව වෛරිය දේශපාලනයක් පතුරලා මිනිස්සුන්ගේ ආවේගය අවුස්සලා ඉමෝෂන්ස් අවුස්සලා මිනිසුන්ව පැලැන්ති දෙකකට කඩලා, මේ කරපු දේශපාලනය පාරාවලල්ලක් වීම සහ මේ දේශපාලන නැවත දවසක නොකරුවත්, ඇත්ත මිනිස්සුන්ට හෙළිකරලා දීමට හැකියාවක් ලැබෙන වේදිකාවක් තැනීම සම්බන්ධයෙන් සතුටුයි.
අපි අධිරජ්‍යවාදී නෙවෙයි. අපි ප්රජාතන්ත්රවාදී රටක්. අධිරාජ්‍යවාදයක් නෑ, ඉතින් මෙහෙමයි වේදිකාවල වචන කියනකොට වචන තියෙනවා. ඕවා එහෙම ගණන් ගන්න ඕන ඒවා නෙවෙයි. වේදිකාවේ කුමාරයා කියන්නේ වේදිකාවට නායකත්වයේ දීපු කෙනා. ඇත්තට බැලුවොත්, හෘද සාක්ෂියට එකඟව බැලුවොත් ඒ වචනයටනේ බය වෙලා තියෙන්නේ. ඒ වචනය අල්ලගෙන කතා කරන තරමට බයවෙනවා කියන්නේත් හොඳයි ඉතින්. මේ රටේ කුමාරවරු බිහිවෙන්නේ නෑ ආයේ.”
2025 නොවැම්බර් 23, පෙ.ව. 12:24
2025 නොවැම්බර් 23, පෙ.ව. 12:15
2025 නොවැම්බර් 23, පෙ.ව. 12:11
2025 නොවැම්බර් 23, පෙ.ව. 12:09
2025 නොවැම්බර් 23, පෙ.ව. 12:06
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
23-11-25
22-11-25
22-11-25
22-11-25
22-11-25
21-11-25
21-11-25
20-11-25
20-11-25
17-11-25
17-11-25
17-11-25
17-11-25
15-11-25
15-11-25
15-11-25
15-11-25