hit counter

2025 නොවැම්‍බර් මස 24 වන සඳුදා

2025 නොවැම්‍බර් 25, පෙ.ව. 12:05



පසුගිය පළාත් පාලන මැතිවරණයට පසු සිය පක්ෂයට ඇතැම් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබා ගෙන බලය ලබා ගැනීමට සිදු වූ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කෙසේ වුව ද පක්ෂ මහ ලේකම්වරුන්ගේ තර්ජන නිසා එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවට සහය නොදීම නිසා එම පළාත් පාලන ආයතන අයවැය පරාජයට පත්වෙමින් ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එදා හෘද සාක්ෂියට එකඟව තමන් සමග එකතු වූ එම පිරිසට අද සිය හෘද සාක්ෂියට එරෙහිව වැඩ කිරීමට සිදුව ඇති බව ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

මෙය විශාල ගැටලුවක් නොවන බවත් ගමේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ගමේ ජනතාවගේ ඡන්දයෙන් පත් එම මන්ත්‍රීවරුන්ට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: