hit counter

2025 නොවැම්‍බර් මස 28 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 29, පෙ.ව. 12:05



පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී එෆ්. යූ වුට්ලර් මහතා දැනට පවතින ආපදා තත්ත්වය පිළිබදව සහ මේ ආපදා තත්ත්වයට ජනතාව යුහුසුලුව මුහුණ දිය යුතු ආකාරය පිළිබදව මාධ්‍යවෙත අදහස් පළකළේය .

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ,

මේ අවස්ථාවේදී සමස්ථ දිවයින ම මෙම කාලගුණික විපර්යාසයට මුහුණ දෙමින් තියෙනවා. ඒ වගේම හැම පොලිස් ස්ථානයකම මේ සඳහා විශේෂ වූ ඒකකයක් මේ සඳහා සූදානම් කරලා තියෙනවා.ඒ විශේෂයෙන් අවතැන් වූ නැත්නම් කොටු වෙච්ච ජනතාව වෙනුවෙන් .

ඒ වගේම මේ හදිසි තත්ත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම තරාතිරම්වල පොලිස් නිළධාරීන්ගෙ නිවාඩු දින නියමයක් නැතිව අපි අවලංගු කරලා තියෙනවා. ඒ වගේම නැවත දැනුම්දෙන තුරු 30 වැනි දා වෙන තෙක්

ඒ වගේම සේවයට වාර්තා කළ නොහැකි සියලුම පොලිස් නිලධාරීන් වෙනුවට වෙනත් පොලිස් නිලධාරීන් සූදානම් වෙලා ඉන්නවා.

හදිසි ආපදා තත්ත්වය සමනය වන තෙක් අප පෙර දැනුම් දුන් අංක වෙත වහාම දැනුම් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

මෙම විශේෂ අවස්ථාවේ සියළු සහන සැපයුම් කටයුතු සඳහා අපි විශේෂයෙන් ශ්‍රී ලංකා පොලිසිය , ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්, ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක සේවක සියල්ලම අපි ඒකාබද්ධව මහජනතාව වෙනුවෙන් මේ අවස්ථාවේදී අපි සියල්ල සඳහා සූදානමින් සිටිනවා.

විශේෂයෙන් අපි අපිට මතක් කළ යුතුයි ඇතැම් ආපදා ස්ථාන නිරීක්ෂණයට පැමිණෙන අවස්ථා අපි දැක තිබෙනව. එම ස්ථාන වසා දමා තිබියදී එම ස්ථානවලින් ඔවුන් යන්නට දරුණු ලැබූ උත්සාහයන් අපි අපිට නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම තමාගේ අභිමතය හා ඕනෑකම අනුව කටයුතු නොකර වගකීමෙන් කටයුතු කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: