hit counter

2025 දෙසැම්‍බර් මස 26 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:11



තමන් භාවිතාකරන Gmail ලිපිනයේ නම වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටිනවා.

ඒ අනුව මෙම නව පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමග දැනට භාවිතාකරන email ලිපිනයට බලපෑමක් නොවන ලෙස එහි අවශ්‍ය නාමය වෙනස්කිරීමට අවස්ථාව උදාවනු ඇති.

මෙමගින් පරිශීලකයින්ට නව ගිණුමක් නිර්මාණය නොකර පවත්නා ගිණුමේ තොරතුරු වෙනස් කිරීමකින් තොරව නව Gmail පරිශීලක නාමය තෝරා ගැනීමට හැකියාව හිමිවනවා.

ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ වත්මන් @gmail.com ලිපිනය නව ලිපිනයකින් වෙනස් කිරිමේ හැකියාව හිමිවනු ඇති.

කෙසේ නමුත් ‘@gmail.com’ සමග අවසන් වන විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිතා කරන ලිපිනයන් සඳහා පමණක් මෙය අදාළ වන බව සඳහන්.

ඒ අනුව custom domains, කාර්යාල සහ පාසල් ලිපිනයන් සඳහා භාවිතා කරන ලිපිනයන්ගේ නාමයන් මේ යටතේ වෙනස්කිරීමට හැකිවන්නේ නැහැ.

එමෙන්ම නව විද්‍යුත් ලිපිනයද @gmail.com සමග ද අවසන් විය යුතු අතර Google සමාගම විසින් මෙම නව ක්‍රමයේ අනිසි භාවිතය වැළැක්වීම සඳහා සීමාවන් පනවා තිබෙනවා.

ඒ අනුව එක් @gmail පරිශීලක නාමයක් එක් වරක් වෙනස් කිරීමෙන් පසු නැවත වෙනසක් කිරීමට හැකි වනුයේ මාස 12ක කාලයකින් පසුවයි.

මෙම කාල සීමාව තුළ, අවශ්‍ය නම් පෙර ලිපිනයට ආපසු යාමට පමණක් හැකි වනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: