hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි 17, පෙ.ව. 9:27



යළි කිසි දිනක ජාතිවාදී ගැටුම් සඳහා නොයන රටක් ගොඩනැඟීමේ අවශ්‍යතාව ඇති බවද කිසිදු ජාතිවාදයකට නැවත නැගීමට ඉඩ නොතබන බවද ජනාධිපති අනුර දිසානායක පවසයි.

රටේ පොඩි පොඩි ජාතිවාදී ගුලි පවතින බවත් ශ්‍රී මහා බෝධිය පහුකරගෙන පිරිසක් සිල් ගැනීමට යාපනයට පැමිණෙන බවත් එහි ඇත්තේ සීලය නොව වෛරය බවත් එතුමා අවධාරණය කරයි.

එසේ නොවේ නම් පන්සල් පූජනීය ස්ථාන විශාල ප්‍රමාණයක් පසුකර යාපනයේ එක් ස්ථානයකට පැමිණීමට හේතුවක් නොමැති බවත් හෙතෙම සඳහන් කරයි.

එසේම සෑම පොහෝ දිනයකම එම ස්ථානයට පිරිසක් වට වන්නේ ඉඩම් වෙනුවෙන් නොව ජාතිවාදය වෙනුවෙන් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

කුඩා කුඩා ජාතිවාදී කණ්ඩායම් යළි තැන තැන හිස එසවීමට උත්සාහ කළ ද ඒ සඳහා ඉඩ නොතබන බව ද ජනාධිපතිතුමා සඳහන් කරයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ “රටම එකට” ජාතික මෙහෙයුම – උතුරු පළාත් වැඩසටහන අද (16) යාපනයේ දී අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: