hit counter

2026 ජනවාරි මස 17 වන සෙනසුරාදා

2026 ජනවාරි 18, පෙ.ව. 12:10



පසුගිය දෙවසර පුරා පැවති කාඩ්පත් හිඟය හේතුවෙන් නිකුත් කිරීමට නොහැකි වූ ලක්ෂ පහකට ආසන්න රියැදුරු බලපත්‍ර සංඛ්‍යාව, එළඹෙන මාර්තු මාසය නිමවීමට ප්‍රථම අදාළ අයිතිකරුවන් වෙත යොමු කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ, දැනටමත් ලක්ෂ අටක හිස් කාඩ්පත් ප්‍රමාණයක් සපයාගෙන ඇති බැවින් මුද්‍රණ කටයුතු වේගවත් කර ඇති බවයි.

මේ වන විටත් බලපත්‍ර ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කර අවසන්ව පවතී.

 මුද්‍රණය කෙරෙන බලපත්‍ර ප්‍රමාදයකින් තොරව නිවෙස් වෙතම යැවීම සඳහා වේරහැර කාර්යාල පරිශ්‍රයේම තැපැල් දෙපාර්තමේන්තු ශාඛාවක් ස්ථාපිත කර ඇත. කුරියර් සේවාවන් මගින් මෙම බලපත්‍ර බලපත්‍රලාභීන් අතට පත් කෙරේ.

පවතින දැවැන්ත වැඩකොටස නිම කිරීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාවේ සහ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් 25 දෙනෙකුගේ සහාය ලබා ගනිමින් දිවා රාත්‍රී මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ, සියලු කටයුතු සැලසුම් සහගතව සිදුවන බැවින් නියමිත කාලසීමාව තුළ ජනතාවට තම බලපත්‍ර හිමිවනු ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: