hit counter

2026 ජනවාරි මස 26 වන සඳුදා

2026 ජනවාරි 26, පෙ.ව. 11:50



ලංකාවේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් තිබෙන්නේ ගම්පහ ප්‍රදේශයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ඔහු පැවසුවේ එසේ ඊයේ (25) පැවති සාකච්ඡාවක් අතරතුරදි.

ගම්පහ ප්‍රදේශයේ ජනතාව පිස්සු නටන බවත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ කරු ජයසුරිය මහතාට වඩා උපේක්ෂා ස්වර්ණමාලිට ගම්පහින් මනාප තිබුණු බවත් මන්ත්‍රිවරයා එහිදි අවධාරණය කළා.

තවත් අවස්ථාවක රාජිත සේනාරත්න මහතාගේ පුතා වන චතුර සේනාරත්න පාර්ලිමේන්තු යැවු බවද චාමර මහතා සඳහන් කළා.

රන්ජන් රාමනායක මහතා ඇග පෙන්වු නිසා ගම්පහ ජනතාව ඔහුව පාර්ලිමේන්තු යැවු බව පැවසු චාමර මහතා, තමාද ගම්පහින් ඡන්ද ඉල්ලුවහොත් පාර්ලිමේන්තුවට යා හැකි බව සඳහන් කලා.

ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩ කරන්න පුලුවන් දේශපාලන නායකයින් සිටින බවත් ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂය ගම්පහ බවත් ඔහු පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: