2026 ජනවාරි 27, පෙ.ව. 12:18
දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ GPS තාක්ෂණය බස් සේවා කළමණාකරණය සදහා යොදා ගැනිම සම්බන්දයෙන් වු ව්‍යාපෘති වාර්තාව අනුව සෑම ගමන්වාරයකම අවම වශයෙන් විනාඩි 05 බැගින් දිනකට ගමන්වාර 13,000ක් ප්‍රමාද වන බව අනාවරණය වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
ඒ අනුව දිනකට ගමන්වාර 13,000ක් ප්‍රමාද විමෙන් වසරකදි දකුණු පළාතට විනාඩි 3,250,000ක් අහිමිවන බව මෙකි වාර්තාවේ සදහන් වේ.
ඒ අනුව ප්‍රමාදවන ගමන්වාරයක් සදහා 1996 අංක 02 දරණ දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය පිළිබද ප්‍රඥප්තිය ප්‍රකාරව දඩ මුදලක් අය කළේ නම් අවම වශයෙන් රුපියල් මිලියන 949ක දඩ මුදලක් අයකරගත හැකිව තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ප්‍රමාද ගාස්තු ලෙස 2024 වර්ෂය තුල අයකරගෙන ඇත්තේ රුපියල් 3,343,893 කි.
සියලුම ගමන්වාර ප්‍රමාද කිරිම සදහා දඩ අයකිරිම ප්‍රායෝගිකව අපහසු බව හා තාක්ෂණය යොදාගෙන ගමන්වාර ප්‍රමාද වැළැක්විමට කටයුතු කිරිම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව දකුණු පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයා විසින් විගණනයට සදහන් කොට ඇත.
දකුණු පළාත් සභාව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
2026 ජනවාරි 27, පෙ.ව. 12:32
2026 ජනවාරි 27, පෙ.ව. 12:24
2026 ජනවාරි 27, පෙ.ව. 12:14
2026 ජනවාරි 27, පෙ.ව. 12:14
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26