2026 ජනවාරි 30, ප.ව. 4:38
අද (30) රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා විසින් පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ සහ වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව පැහැදිලි කර ඇත.
මේ වන විට ආපදාවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම් කටයුතු බොහෝ දුරට අවසන් අදියරේ පවතින බව අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන් අතර ඔහු පහත කරුණුද ගෙන හැර දැක්වීය.
ඒ අනුව, ආපදාවෙන් විපතට පත්වූවන්ගේ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා වූ රුපියල් 25,000 දීමනාව ලබා දිය යුතු නිවාස ඒකක 434,375ක් හඳුනාගත් බවත් ඉන් නිවාස ඒකක 423,914කට මේ වන විටත් අදාළ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව වාර්තා කළේය.
තවද ආපදාවෙන් විනාශ වූ ගෘහ භාණ්ඩ සහ උපකරණ යථාවත් කර ගැනීම සඳහා රුපියල් 50,000 දීමනාව ලබා දීම සඳහා නිවාස ඒකක 163,509ක් හඳුනාගෙන ඇති බවත් ඉන් නිවාස ඒකක 115,757කට එම දීමනාව ලබා දීමට පියවර ගෙන ඇති බවත් පැවසීය.
ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආපදාවට පත් පිරිස් සඳහා වන්දි මුදල් ලබා දීමේදී එහි නිරවද්‍යතාව සහ ආපදාවට ලක්වූවන් නිවැරදිව හඳුනා ගනිමින් වන්දි මුදල් ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරන බවත්ය. මෙම කාර්ය ඉතා දුෂ්කර බැවින් සිදුවන ප්‍රමාදයන් සම්බන්ධව චෝදනා කිරීම සුසුදු නොවන බවද කඩිනමින් මෙම වන්දි ලබා දීමේ කටයුතු අවසන් කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහයද අත්‍යාවශ්‍ය වන බවද ඔහු පැවසුවේය.
2026 ජනවාරි 30, පෙ.ව. 11:37
2026 ජනවාරි 30, පෙ.ව. 12:38
2026 ජනවාරි 30, පෙ.ව. 12:30
2026 ජනවාරි 30, පෙ.ව. 12:28
2026 ජනවාරි 30, පෙ.ව. 12:19
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26