2026 පෙබරවාරි 02, පෙ.ව. 12:21
ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද, ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ, එළඹෙන ජූලි මාසයට පෙර බස් ගාස්තු ඉහළ දැමීමට අවශ්‍ය වන බවයි. කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ධාවනය අපහසු වී ඇති බව පෙන්වා දුන් ඔහු, මීට පෙර ඩීසල් ලීටරයකින් කිලෝමීටර් 2-3ක් ධාවනය කළ හැකිව තිබූ නමුත් දැන් එය කිලෝමීටර් 2කටත් අඩුවී ඇති බව කීවා.
අධික මාර්ග තදබදය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවත්, ඒ නිසා අවම බස් ගාස්තුව රුපියල් 5-6කින් වැඩි කිරීමට සිදුවන බවත් ඔහු අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගැමුණු විජේරත්න මහතා මෙසේ පැවසීය:
“මෙතන ලොකු ගැටලුවක් තියෙනවා කඩිනමින් බස් ගාස්තු වැඩි කරන්න අපිට බොහෝ දුරට ඉල්ලීමක් කරන්න වෙනවා. මොකද ලබන ජුලී මාසේ වෙන්න ඉස්සෙල්ලා අපිට ඉල්ලීමක් කරන්න වෙනවා ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට අවශයයි කියලා. හේතුව තමයි ලංකාවේ ධානය කරන්නේ කෙටි ගමන් සේවා බස් රථ. ලංකාවේ 13,000- 14,000ක බස් රථ බල ඇණියක් තියනවා ලංකාවේ. සාමාන්‍යයෙන් 6,000- 7,000ක වැඩිපුර බස් රථ. දැන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බස් රථ ගමනාගමනය කරන්න හැකියාවක් නැහැ.
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:30
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:28
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:25
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 02, පෙ.ව. 12:21
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26