hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2026 පෙබරවාරි 03, පෙ.ව. 12:20



හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට සහ ඔවුන්ගේ වැඩි­ම­හල් පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහ­තාට අද (03) ප්‍රකාශ ලබාදීමට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

එදින පෙර­වරු 9:30ට අප­රාධ පරී­ක්ෂණ දෙපාර්ත­මේ­න්තුවේ පොලිස් මූල්‍ය අප­රාධ විම­ර්ශන කොට්ඨා­සය (FCID) හමුවේ පෙනී සිටින ලෙස ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට දැනුම් දී ඇත.

සිරි­ලිය ගිණුම් සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඇය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳවා තිබේ.

ජන­වාරි මස 27 වැනි දිනද ප්‍රකා­ශ­යක් දීමට ඇය අප­රාධ පරී­ක්ෂණ දපා­ර්ත­මේ­න්තුව හමු­වට කැඳවා තිබුණ ද, ඇයගේ නීති උප­දේ­ශ­ක­යන් මාර්ග­යෙන් සති දෙකක කාල­යක් ඉල්ලා සිටීම හේතු­වෙන් එදින ඇය පෙනී සිටියේ නැත.

එම සහ­නය ඉල්ලා සිටී­මට අදා­ළව වෛද්‍ය වාර්තා­වක් ඉදි­රි­පත් කර නොමැති බැවින් අද (03) නැවත FCID හමු­වට පැමි­ණෙන ලෙස ඇයට දැනුම් දී ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු සඳ­හන් කළේය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ (SLPP) ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහතා කැඳවා ඇත්තේ ඉන්දු­නී­සියා‍වේ සිට අල්ලා­ගෙන මෙර­ටට රැගෙන ආ කෙ‍ෙහ­ල්බ­ද්දර පද්මේ සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­ය­කට අදා­ළ­වයි.

මීට පෙර ද නාමල් රාජ­පක්ෂ මහතා මේ සම්බ­න්ධ­යෙන් ප්‍රකාශ ගැනී­මට කැඳවා තිබුණ ද ඔහු ඒ වන විට ඉන්දි­යාවේ සංචා­ර­යක නිර­තව සිටි බැවින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පෙනී සිටියේ නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: