hit counter

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි 20, පෙ.ව. 11:24



ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී, ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ, රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන් සතුව තිබී සොයාගත් ජංගම දුරකථන 30ක දත්ත විශ්ලේෂණය කිරීමේදී මෙම තොරතුරු හෙළි වී ඇති බවයි.

අදාළ පාතාල ක්‍රියාකාරීන් සමඟ විවිධ ක්‍රියාකාරකම්වල යෙදුණු සහ සබඳතා පැවැත්වූ දේශපාලනඥයින් සම්බන්ධයෙන් දැනටමත් විධිමත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.  

එම දේශපාලනඥයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බව ආනන්ද විජේපාල මහතා පැවසුවා.

ඒ අනුව සම්පූර්ණ විමර්ශනය අවසන් වූ පසු මේ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කළ හැකි බව පැවසූ ආනන්ද විජේපාල මහතා කියා සිටියේ, පාතාලය සහ දේශපාලනය අතර පවතින මෙම සබඳතා මුලිනුපුටා දැමීම සඳහා විමර්ශන ඉතා සාර්ථකව සහ දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: