hit counter

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 24, පෙ.ව. 10:28



තමා අද (23) දිනයේ ජාතික පිං කැටයක් ආරම්භ කරන බවත්, මෙම පිං කැටයට රුපියල් 100 ගාණේ හෝ ලබාදීමට කාරුණික වන ලෙස බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල්ලා සිටිනවා.

පසුගිය කාලයේ තමා ධර්ම දේශනා කරමින් මුදල් සොයා ගත් නමුත් වර්තමානය වන විට තාමාට කිසිදු ආදායමක් නොමැති අබ්වත් උන්වහන්සේ පවසනවා.

මෙම පිං කැටයට මුදල් එකතු කිරීම පිණිස තමා පිණ්ඩපාතය හෝ වඩින බවද උන්වහන්සේ සඳහන් කළා.

තමාට අපහාස සහ අසත්‍ය චෝදනා කරන පිරිසට එරෙහිව අනිවාර්‍යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, ඒ හේතුවෙන් මෙවැනි පිං කැටයක් තමා ආරම්භ කළ බවත් උන්වහන්සේ කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඥානසාර හිමියන් පැවසුවේ,

“නඩුවක තියෙන ස්වභාවය සහ එවට යන කාලය, ඒවට ගියාම තියෙන මානසික ව්‍යාකූලතාවය, ඒවට යන මුදල් කන්දරාව දන්නේ නඩු තියෙන අපි විතරයි. මට නඩු විසි ගාණක් තියෙනවනේ. ඒව තමයි මේ ඉවර කරගෙන ඉවර කරගෙන එන්නේ. ඒ නිස මගේ හතුරෙකුටවත් එවන් විපතක් නොවේවා කියලා ප්‍රාර්තනා කළත් මේක ඉවසන්න බැහැ. මේ අපහාස කරන හැම එකාටම ඔය කියන ඒවා ඔප්පු කරන්නත් එපැයි. අපි මිනිස්සුනේ. අපිටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා. අපිත් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න එපැයි…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: