hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2026 මාර්තු 16, පෙ.ව. 12:15



රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය 2026 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් තීරණය කර ඇති සියලු වාර්ෂික ස්ථානමාරුවීම් අප්‍රේල් මස 02 වන දින සිට ක්‍රියාත්මක කළ යුතු බව දැනුම් දී තිබේ.

එමෙන්ම ස්ථානමාරුවීම් ක්‍රියාත්මක වන නිශ්චිත දිනය සඳහන් කර නොමැති නියෝග සියල්ලද එම දිනයේ සිටම ක්‍රියාත්මක විය යුතු බව ද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහන් කරයි.

මෙම ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ අභියාචනා පිළිබඳ තීරණ ද මේ වනවිට සියලු නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, එම තීරණ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි ද ප්‍රසිද්ධ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය අවධාරණය කරනුයේ 2026 වාර්ෂික ස්ථානමාරු නියෝග ලබා ඇති සියලුම නිලධාරීන් නියමිත දිනයේදී නව සේවා ස්ථානයේ රාජකාරි භාරගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතු බවයි.

තවද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අවසන් තීරණ ලබාදී ඇති මෙම ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් ඉදිරියේදී ඉදිරිපත් කෙරෙන ඉල්ලීම් හෝ නිර්දේශ නැවත සලකා බැලීමක් සිදු නොකරන බවද එම කාර්යාලය වැඩිදුරටත් දැනුම් දී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: