hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු 17, පෙ.ව. 12:10



ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසන්නේ ඉන්ධන මත පනවා ඇති බදු අඩුකරමින් හැකිතරම් ඉන්ධන මිල ස්ථාවර අගයක පවත්වාගත යුතු බවයි.

මේ වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත් යෙමනය සහ අප්‍රිකානු මහද්වීපය අතර පවතින තවත් සමුද්‍ර සන්ධියක් වසා දැමීමට ඉරානය පියවර ගත හොත් ලංකාව ඇතුළු තවත් රටවල් රැසකට ප්‍රභල බලපෑමක් ඇතිවිය හැකි බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේය.

මේ හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් සමග නිසි සම්බන්ධතාවයක් පවත්වාගනිමින් සහ තොග කළමනාකරණය කරමින් සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළහොත් ඇතිවන ගැටලු අවම කරගත හැකි බවද හිටපු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා,

“මේ ප්‍රශ්නය ගත්තොතින් ලංකාව 100%ක් ම ඛනිජ තෙල් ආනයනය කරන රටක්. අපි දැනටම රුපියල් 25ක් සියලු තෙල්වලට මිල වැඩිකළා. මේ යන යෑමට ලෝක වෙළෙඳපොළේ තෙල් මිල තවත් වැඩි වීමට නියමිතයි. රටක් ලෙස අපි මේ වෙලාවේ දෙකක් කළ යුතුයි. එකක් අපේ සැපයුම නිසියාකාරව කළමනාකරණය කර ගැනීම සහ සැපයුම්කරුවන් එක්ක නිසි සම්බන්ධතාවෙන් යුතුව වැඩ කළ යුතුයි. ඊට අමතරව මේ එන පීඩනය අපේ කර්මාන්තකරුවන්ට සහ පාරිභෝගිකයින්ට දරාගන්න අමාරුයි. මේ මොහොතේ තමයි රජය කරන්න ඕනේ මැදිහත් වෙලා බදු අඩුකරලා ජනතාව මත සම්පූර්ණ පීඩනය පටවන්නේ නැතිව ජනතාවගෙන් කොටසක් සහනාධාරයක් ලෙස බදු අඩුකරලා ඉන්ධන මිල පුළුවන් තරම් උච්ඡාවඡනය නොවන ආකාරයට තියාගත යුතුයි කියන එක තමයි මගේ මතය. අපි සියලු දෙනාම දන්නවා හෝමූස් සමුද්‍ර සන්ධිය වහලා තියෙනවා. ඊට අමතරව තව සමුද්‍ර සන්ධියක් තියෙනවා යෙමනය සහ අප්‍රිකානු මහද්වීපය අතර එතනින් 12%ක් විතර තෙල් ගමනාගමනය සිදුවෙනවා. ඉරානය තවත් සන්නද්ධ කොටසක් ඒ මාර්ගයත් අවහිර කරයි එහෙම කළොතින් මේ දෙකම වැහුවොත් 35%ක් විතර තෙල් ගමනාගමනය අඩපණ වෙනවා එහෙම වුණොත් ලොකු පීඩනයක් අපේ රටවල්වලට ඇතිවෙනවා ඒ හින්දා මේ මොහොතෙදි අපි විවිධ නවීන උපක්‍රම යොදාගෙන සැපයුම් ජාලයට බලපෑමක් ඇති නොවන විදිහට කටයුතු කරගත යුතුයි.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: