2026 මාර්තු 16, ප.ව. 1:00
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය පවත්වාගැනීම එම සමුද්‍ර සන්ධිය වැසීම හේතුවෙන් පීඩාවට පත්වූ රටවල පොදු අවශ්‍යතාවයක් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා.
ඔහු සඳහන් කරන්නේ එම රටවල් හොර්මුස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට එක්විය යුතු බවයි. ඒ සඳහා ඇමරිකාව සිය උපරිම සහය දෙන බව ද ඔහු කියා සිටියා.
ලෝක තෙල් අවශ්‍යතාවයෙන් සියයට 20 ක් පමණ ගමන් කරන්නේ හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යි. ඉරානය විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක ආර්ථිකය අර්බුදයක් කරා ගමන් කරමින් සිටිනවා.
කෙසේ වෙතත් ඉරානය කියා සිටින්නේ ඒ ඒ රටවල නෞකා සඳහා ගමනාගමන නිදහස ලබාදීම කෙරේ ඒ ඒ රටවල් සමග වෙනමම සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවයි.
මේ අතර ෆයිනෑන්‍ෂල් ටයිම්ස් පුවත්පත මෑතකදී සඳහන් කළේ සමුද සන්ධිය හරහා තම නැව් ගමන් කිරීමේ අවසරය ලබාගැනීම සඳහා ප්‍රංශය සහ ඉතාලිය ඉරානය සමග සාකච්ඡා අරඹා ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රංශය එවැනි පියවරක් ගෙන නැතැයි පසුව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණා.
හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ආරක්ෂාව සැපයීමට ප්‍රමාණවත් ඇමරිකානු නාවික බලයක් මේ වනවිට කලාපයේ නැහැ.
2026 මාර්තු 16, ප.ව. 1:17
2026 මාර්තු 14, ප.ව. 2:54
2026 මාර්තු 14, ප.ව. 2:37
2026 මාර්තු 09, ප.ව. 3:00
2026 මාර්තු 09, ප.ව. 1:44