2026 මාර්තු 17, පෙ.ව. 10:02
කොළඹ නගරය මෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ද වෙළඳපොළ තුළ ගෑස් සැපයුම සීමා වීම නිසා මහජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.
ලිට්‍රෝ සහ ලාෆ්ස් යන ප්‍රධාන සමාගම් දෙකෙහිම නිෂ්පාදන හිඟ වීම නිසා, බොහෝ ප්‍රදේශවල අලෙවි මධ්‍යස්ථාන වසා දැමීමට වෙළෙඳුන් පියවර ගෙන තිබුණි. ඇතැම් ප්‍රදේශවල සති කිහිපයක සිටම නිසි පරිදි ගෑස් සැපයුමක් නොලැබෙන බව වාර්තා වේ.
කලාතුරකින් වෙළඳසලකට ගෑස් තොගයක් ලැබුණද, එය මිලදී ගැනීමට ජනතාව දිගු පෝලිම් ගැසී සිටිති.
අලෙවිසල් වෙත ලැබෙන සීමිත සිලින්ඩර ප්‍රමාණය පෝලිම්වල රැඳී සිටින පිරිසට සාපේක්ෂව ඉතා අල්ප බැවින් බොහෝ දෙනෙකුට හිස් අතින් හැරී යාමට සිදු වේ.
බොහෝ අලෙවිසල් ඉදිරිපිට “ගෑස් අවසන්” බව දන්වන දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇති අතර, විවෘතව පවතින ස්ථානවල පාරිභෝගිකයන් සහ වෙළෙඳුන් අතර නොසන්සුන්කාරී වාතාවරණයක් ද හටගෙන තිබේ.
පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටියද, අවසානයේ හිස් සිලින්ඩරයම රැගෙන ආපසු නිවසට යාමට සිදුවීම ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට හේතු වී ඇත.
2026 මාර්තු 17, පෙ.ව. 11:54
2026 මාර්තු 17, පෙ.ව. 11:41
2026 මාර්තු 17, පෙ.ව. 11:33
2026 මාර්තු 17, පෙ.ව. 11:06
2026 මාර්තු 17, පෙ.ව. 10:52
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26