2026 මාර්තු 20, පෙ.ව. 12:11
පරණ වාහන සඳහා අලුත් දුරකථන අංක භාවිත කරන්නන්ට සහ අලුත් වාහන සඳහා පරණ දුරකථන අංක භාවිත කරන්නන්ට National Fuel Pass පද්ධතියේ QR කේත ලබා ගැනීමේදී මෙතෙක් පැවති තාක්ෂණික බාධාවන් ඉවත් කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සඳහන් කළේ, පරණ වාහනයක් සහිතව අලුත් දුරකථන අංකයක් භාවිත කරන පුද්ගලයින්ට දැන් fuelpass.gov.lk නිල වෙබ් අඩවියට පිවිස තම වාහන අංකය ඇතුළත් කර පරණ දත්ත පද්ධතියෙන් ඉවත් වීමේ (Delete) අවස්ථාව සලසා දී ඇති බවයි.
එලෙස පරණ දත්ත ඉවත් කිරීමෙන් පසු නව දුරකථන අංකය යටතේ නව QR කේතයක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව හිමිවන බවත් එමෙන්ම පරණ දුරකථනයක් සහ නව වාහනයක් හිමි අයට ද එම දුරකථන අංකයෙන්ම ලොග් වී පෙර දත්ත මකා දමා අලුත් වාහනය ලියාපදිංචි කළ හැකි බව අමාත්‍යවරයා පෙන්වාදෙනවා.
මෙහිදී දත්ත පද්ධතියෙන් තොරතුරු ඉවත් කිරීමේදී වගකීමෙන් කටයුතු කළ යුතු බව පැවසූ බිමල් රත්නායක මහතා පෙන්වාදෙන්නේ, යම් අයෙකු වංචනික ලෙස අන් කෙනෙකුගේ දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම පසුගිය දින කිහිපය තුළ QR පද්ධතියේ ලියාපදිංචි වීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා මෙහිදී දත්ත සහිතව පැහැදිලි කළා.
ඒ අනුව මාර්තු 16 වනදා 337,068 දෙනෙක්, මාර්තු 18 වනදා 395,349 දෙනෙක්, අද (මාර්තු 19) පෙරවරු 9:30 වන විට77,806 දෙනෙක් අලුතින් ලියාපදිංචි වී තිබෙනවා.
මේ වන විට මෙරට සමස්ත වාහන ලක්ෂ 88ක් පමණ ලියාපදිංචි වී තිබුණ ද, භාවිතයේ පවතින වාහන ලක්ෂ 72කට ආසන්න ප්‍රමාණයෙන් ලක්ෂ 55කට අධික පිරිසක් දැනටමත් QR පද්ධතිය සමඟ එක්වී සිටින බව අමාත්‍යවරයා පැවසුවා.
මෙම ක්‍රමය හඳුන්වා දුන්නේ තෙල් හිඟයක් නිසා නොව, ඉදිරි කාලයේදී ඇතිවිය හැකි තත්ත්වයන් කළමනාකරණය කරමින් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන සුරක්ෂිත කර ගැනීමට සහ අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීම වැළැක්වීමට බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.
2026 මාර්තු 20, පෙ.ව. 12:29
2026 මාර්තු 20, පෙ.ව. 12:22
2026 මාර්තු 20, පෙ.ව. 12:17
2026 මාර්තු 20, පෙ.ව. 12:13
2026 මාර්තු 20, පෙ.ව. 12:12
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26