hit counter

2026 මාර්තු මස 20 වන සිකුරාදා

2026 මාර්තු 21, පෙ.ව. 12:14



ගල් අඟුරු ප්‍රමිතිය බාල වීම නිසා දිනකට ආසන්න වශයෙන් අහිමි වන්නේ මෙගා වොට් 100-130ක් පමණක් බවත් ඒ සඳහා අවශ්‍ය ඩීසල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 100ක් පමණක් බවත් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කරයි.

“තෙල් ගේන්න සල්ලි නෑ කියන එක බොරු.

1. ඩීසල් නැවක එන ඩීසල් ප්‍රමාණය 35000-40000 MT
2. ⁠දවසක සාමාන්‍ය මුලු ඩීසල් පරිබෝජනය 4500-5000 MT
3. විදුලිය සදහා අවශ්‍ය වන උපරිම ඩීසල් ප්‍රමාණය 500 MT
4. ඒ කියන්නෙ දවසෙ සාමාන්‍ය පාවිච්චියෙන් 10% යි විදුලිය සදහා යන්නෙ.
5. ⁠එක නැවක් විදුලිය සදහා විතරක් අයින් කරොත් අවම දවස් 70ක් (35000/500) දුවන්න පුලුවන්.
6. ⁠ගල් අගුරු වලින් අඩුවන විදුලිය ආසන්න වශයෙන් 100-130MW ඒකට අවශ්‍යය තෙල් ප්‍රමානය ගත්තොත් 100 MT විතර. ඒ කියන්නෙ දවසේ විදුලිය සදහා ඩීසල් අවශ්‍යතාවයෙන් 20%”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: