2026 මාර්තු 21, පෙ.ව. 12:19
වාහන අංක තහඩුවේ අවසාන ඉලක්කම මත පදනම්ව ක්‍රියාත්මක වන ඔත්තේ සහ ඉරට්ටේ දින ක්‍රමය නොසලකා හරිමින් පැමිණෙන රියදුරන් ඉවත් කිරීමට පොලිසිය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කර ඇත්තේ නියමිත දිනයට අදාළ නොවන වාහන ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයට ඇතුළු වීමට පෙරම ඉවත් කරන ලෙස සියලුම නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
ඒ අනුව ඇතැම් පිරවුම්හල් අසල මෙම නීතිය උල්ලංඝනය කරමින් සියලුම අංක සහිත වාහන පෝලිම් ගැසීම නිසා මෙම දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට සිදුවූ බව ඔහු වැඩිදුරටත් පවසයි.
ඒ අනුව නියමිත දිනයට නොගැළපෙන අංක සහිත වාහන පිරවුම්හලට ඇතුළු වීමට පෙරම හරවා යැවීමට පියවර ගන්නා බව සඳහන්.
මේ අතර ඉන්ධන පෝලිම් තුළ අශෝභන ආකාරයට හැසිරෙමින් ගැටුම් ඇති කරගත් පුද්ගලයන් පස් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
එබැවින් අනවශ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් වැළකී, QR ක්‍රමවේදය සහ අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දින පිළිපදිමින් ඉන්ධන ලබා ගන්නා ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි.
2026 මාර්තු 21, පෙ.ව. 12:25
2026 මාර්තු 21, පෙ.ව. 12:21
2026 මාර්තු 21, පෙ.ව. 12:19
2026 මාර්තු 21, පෙ.ව. 12:14
2026 මාර්තු 21, පෙ.ව. 12:13
21-03-26
21-03-26
21-03-26
21-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
20-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26
19-03-26