2026 මාර්තු 26, පෙ.ව. 12:15
ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදේශ විනිමය අනුපාත ඉහළ යාම, නිෂ්පාදන වියදම්, ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ආදී කාරණා සැලකිල්ලට ගෙන දැනට මිල පාලනයට යටත් කොට ඇති ඖෂධ වර්ග 60 හි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ නංවන බව මෙම සමාගම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපි යොමු කර තිබෙන බව සඳහන්.
එමෙන්ම සභාපතිවරයා තවදුරටත් පැවසුවේ ඖෂධ වර්ග හැටකට මිල පාලනයක් දමන විට ඇමරිකානු ඩොලරය රුපියල් 295 ට පැවැති බවයි.
දැනට පාලන මිලක් නියම කර ඇති ඖෂධ වර්ග හැටෙහි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ දැමිය යුතු තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අනෙකුත් ඖෂධ වර්ග ගෙන්වීමේදී නිෂ්පාදන වියදම් ඉහළ යාම, නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු හා ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනික පිරිවැය වැඩිවී ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය හා අනෙකුත් ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර පවතින තත්ත්වය හමුවේ ඒවා ගෙන්වීමට යන පිරිවැය වැඩිවී ඇති බව ද ඔහු පවසා ඇත.
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:12
2026 මාර්තු 26, පෙ.ව. 12:12
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26