2026 මාර්තු 26, පෙ.ව. 12:12
මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණයත් සමග ජනතාව ආහාර තොග රැස් කිරීමට පෙළෙඹීම හේතුවෙන් එම රටවලින් තේ සඳහා ඉහළ ඉල්ලුමක් මේ දිනවල වාර්තා වන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.
මැදපෙරදිග ගැටුම් ආරම්භ වූ සතියේ මෙරට තේ වෙන්දේසියේදී යම් පසුබෑමක් වාර්තා වුවද ඊට පසු පැවති තේ වෙන්දේසිවලදී තේ මිල හා තේ ඉල්ලුම යථා තත්ත්වයට පත්වූ බවද එම මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හා ඒ ආශ්‍රිත ගැටුම් හේතුවෙන් කුවේටය, සෞදි අරාබිය සහ ඉරානය ඇතුළු රටවල් කිහිපයකට තේ අපනයනය ඇණහිට ඇති බවද එම මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.
මැදපෙරදිග කලාපයේ සෙසු රටවලට විකල්ප මාර්ග ඔස්සේ තේ අපනයනය මේ වනවිට ආරම්භ කර ඇති බවත් තුර්කිය සහ ඉරාකය ඇතුළු රටවල් කිහිපයකට මේ වන විටත් තේ තොග සැපයීම ආරම්භ කර ඇති බවද සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.
ඒ අනුව මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මෙරට තේ වෙළඳපොළට එල්ල වී ඇති බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද සභාපති රාජ් ඔබේසේකර සඳහන් කරයි.
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:12
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26