2026 මාර්තු 28, පෙ.ව. 12:18
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර යටතේ සුදුසුකම්ලාභී නාම ලේඛනය ප්‍රකාශට පත් කිරීම සහ අභියාචනා, විරෝධතා කැඳවීම සම්බන්ධව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ දෙවන ප්‍රතිලාභී නාම ලේඛනය ඊයේ (27) දින සිට දිවයින පුරා පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවයි.
ඒ අනුව ප්‍රකාශයට පත් කර ඇති මෙම නාමලේඛනය සම්බන්ධයෙන් යම් අභියාචනයක් හෝ විරෝධතාවක් පවතින්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් ඒ අනුව පහත සඳහන් අදාළ ක්‍රම මගින් ඒ සඳහා අවස්ථාව ඇති බවත් ඔවුන් සඳහන් කර තිබේ.
අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකි ක්‍රම
(1.) මාර්ගගතව
(Online) https://eservices.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සෘජුවම අභියාචනා හෝ විරෝධතා ඉදිරිපත් කළ හැකිය.
අදුම්පත් මඟින්
www.wbb.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කර හෝ තම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්/ග්‍රාම නිලධාරීවරයාගෙන් අයදුම්පතක් ලබාගෙන, එය සම්පූර්ණ කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුය.
තාක්ෂණික සහාය ඇතිව මාර්ගගතව ඉදිරිපත් කිරීම: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ ඒකකයේ නිලධාරීන්ගේ තාක්ෂණික සහාය ඇතිව මාර්ගගතව අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කළ හැකිය.
ප්‍රදේශයේ බලයලත් සන්නිවේදන මධ්‍යස්ථාන (Communication Centers) මඟින්ද අභියාචනා සහ විරෝධතා මාර්ගගතව ඉදිරිපත් කළ හැකිය.
විශේෂ දැනුම්දීම
(i) එක් පුද්ගලයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනයක් පමණි.
(ii) සුදුසුකම් ලත් පුද්ගලයන් සම්බන්ධයෙන් නුසුදුසුභාවය තහවුරු කරගැනීමට හැකිනම් පොදු මහජනතාවට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතී. නිර්නාමිකවද විරෝධතා ඉදිරිපත් කළ හැකිය.
(iii) සියලුම අභියාචනා සහ විරෝධීතා 2026 අප්‍රේල් මස 10 වන දිනට පෙර ඉදිරිපත් කළ යුතුය.
2026 මාර්තු 28, පෙ.ව. 12:35
2026 මාර්තු 28, පෙ.ව. 12:30
2026 මාර්තු 28, පෙ.ව. 12:23
2026 මාර්තු 28, පෙ.ව. 12:19
2026 මාර්තු 28, පෙ.ව. 12:18
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26