hit counter

2026 මැයි මස 22 වන සිකුරාදා

2026 මාර්තු 31, පෙ.ව. 12:15



අරගලය නමැති මහජන ව්‍යාපාරය විනාශයකින් තොරව පාලනය කරගනු ලැබුවේ රජවත්තේ වප්ප හිමි ප්‍රමුඛ භික්ෂූන් ඇතුළු අන්‍යාගමික පූජකවරුන් බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

එසේ නොවන්නට මහ ලේකම් කාර්යාලය හෝ ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ගිනි තබා විනාශ කොට ත්‍රස්ත අරමුණු ඉටුකර ගැනීමට ගිනි පෙට්ටි හිඟයක් නොතිබුණු බවද එහිමියන් ප්‍රකාශ කරයි.

භික්ෂු ශාසනය භික්ෂු ප්‍රතිරූපකයන් නිසා අභියෝගයට ලක්ව ඇතැයිද ඔවුන් සසුනෙන් නෙරපීමේ බලය සංඝ සභාවට දිය යුතු බවද සෝභිත හිමි අවධාරණය කරයි.

එහිමියන් මේ බව ප්‍රකාශ කළේ, පූජ්‍ය රජවත්තේ වප්ප නාහිමිට විශේෂ ගෞරව පුදකිරීම උත්සව අවස්ථාව සමග එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: