hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 02, ප.ව. 2:23



ඉවුම් පිහුම් ගෑස් මිල සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන 5 වන දින නිකුත් කරන බව ලිට්රෝ සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව නව මිල සංශෝධන ලැයිස්තුව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව ලිට්රෝ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය.

මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු පසු නව මිල සංශෝධනය ප්‍රකාශයට පත් කරන බව ලිට්රෝ සභාපතිවරයා පැවසීය.

එතෙක් වත්මන් විකුණුම් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ඔහු පැවසීය.

මේ අතර, ලිට්රෝ සභාපති චන්න ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ රටේ පරිභෝජනය සඳහා ප්‍රමාණවත් ඉවුම් පිහුම් ගෑස් තොගයක් පවතින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: