2026 අප්‍රේල් 06, පෙ.ව. 9:45
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග ඇතිවූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වනවිට කලමනාකරණය කර ඇති බවත් අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
නිවාඩු දිනයක් කළ බදාදා දිනය අවශ්‍ය පදිරි ඉදිරියේදී යළිත් වැඩකරන දිනයක් බවට පත් කිරීමට කටයුතු කළ හැකි බවත් “QR” ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය ඉවත් කරමින් සාමාන්‍ය පරිදි වැඩකටයුතු කිරීමට හැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ,
“දැනටමත් අපි අලුත් ක්‍රමවේද හඳුන්වලා දුන්නා. මුල් සතිය දෙකේ යම් අමාරුකම් තිබුණා ඒක ඇත්ත. පොලින් ආවා. QR හඳුන්වලා දුන්නා, ඔත්තේ ඉරට්ටේ හඳුන්වා දුන්නා. බදාදා දිනය නිවාඩු දිනයක් කළා. යම් යම් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. දැන් අපි පොලින් නැති කළා.
දැන් QR එක හොඳට යනවා. ඔත්තේ ඉරට්ටේ හොඳට යනවා. තව ටික දවසක් යද්දි ඒක එපා නම් අපි ඒක අයින් කරමු. අපි ලැස්ති ඒකට. බදාදා නිවාඩු දිනයත් දිගටම තියා ගන්න ඕනේ නෑ. කළමනාකරණය කරාට පස්සේ අවශ්‍ය මොහොතේදී වැඩ පටන්ගමු.
ඒ වෙලාවේ ඇති වු තත්ත්වයට මුහුණ දෙන්න අපි ඒක කළා. එනවා කිව්ව නැව් ටික එක පාර එන්න බෑ කිව්වා. සැපයුම් දුන්නේ නෑ. ඒකයි ඒ වගේ කළේ. නමුත් බය වෙන්න එපා අප්‍රේල් මාසෙ ඇතුලත තව නැව් 9ක් එන්න නියමිතයි. අපිට කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නෑ.”
ජනතා විමුක්ති පෙරමුණ “ඉල් මහ විරු සැමරුම” මාතර පැවැති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කරයි.
2026 අප්‍රේල් 06, ප.ව. 1:30
2026 අප්‍රේල් 06, ප.ව. 12:52
2026 අප්‍රේල් 06, ප.ව. 12:38
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:50
2026 අප්‍රේල් 06, පෙ.ව. 11:44
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
06-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
05-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26
04-04-26