hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2026 අප්‍රේල් 06, ප.ව. 2:55



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇත්තේ වෙළෙඳපොලේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම පිළිබඳ සලකා බලා ඩීසල් සඳහා රුපියල් සියය දක්වා සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බවයි.

මෙරට ඩිජිටල් ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “ජාතික QR ගෙවීම් ව්‍යාපෘතිය” නිල වශයෙන් ඇරැඹීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනපති පැවසුවේ තව සතියකින් ලෝක වෙළඳපොලේ ඩීසල් මිල කොතරම් ඉහළ යාවිදැයි කිව නොහැකි බවයි.

ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම ඩිජිටල් ආර්ථිකයේ අරමුණ වන අතර ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5000 දක්වා වූ සියලුම LankaQR ගනුදෙනු සඳහා වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන සේවා ගාස්තුව (Merchant Discount Rate) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මූල්‍ය ආයතන කටයුතු කර ඇත.

ජනපති පැවසුවේ. “මේ මොහොතේ වඩා යෝග්‍ය වන්නේ ඉලක්ක සහගත පිරිසකට ඉන්ධන සහනාධාරයක් ලබා දීමයි.ඒ සඳහා දත්ත එක්රැස් කර ගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්නයට මුහුණ දීමට සිදුවෙනවා. වෙළෙඳ පොලේ ඉන්ධන මිල උච්ඡාවචනය වීම පිළිබඳ සලකා බලා ඩීසල් සඳහා රුපියල් සියය දක්වා සහනාධාරයක් ලබා දීමට අප තීරණය කර තිබෙනවා. මේ සහනාධාරයේ වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද? මේ සඳහා අප දත්ත එක්රැස් කර ගත යුතුව තිබෙනවා.ඩොලර් බිලියන 15ක ඩිජිටල් ගොඩනැගීමේ ඉලක්කයක් අපට තිබෙනවා” ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: