2026 අප්‍රේල් 09, පෙ.ව. 12:06
හොඳ මිතුරෙක් කියන්නේ දුක සැප දෙකේදීම අපේ ළඟ රැඳෙන අය පමණමද.? නෑ.. මිතුරුකම්වලට ඊට එහා ගිය අර්ථයක් තියනවා.
මේ අන්න ඒ ගැන ඇසෙන වෙනස්, ඒ වගේම සංවේදී කතාවක්.
නෙරංජනී ශම්මුගරාජා, මෙරට කලාව තුළ සියලුදෙනා ආදරය කරන හරිම සුන්දර නිහතමානී චරිතයක්. ඒත් අද එහෙම මිතුරුකමක් ඇයට අහිමි වෙලා.. නෙරංජලී මේ කියන්න අන්න ඒ ගැන සංවේදී කතාවක්.
“ඉනි අවන්” මේ කතා කරන චරිත ත්‍රිත්වයටම සුවිශේෂී වුණු සිනමාපටයක්.. මියගිය ඇයගේ සහ ශම්මුගේ මුල්ම සිනමා පටය වන්නේ එයයි.
එහි සිටින අනෙක් චරිතය වන දර්ශන් ධර්මරාජ්ට නම් මේ අත්දැකීම ඒ වෙද්දී සුපුරුදු දෙයක් බවට පත්වුණා. කොහොම හරි, අද වෙනකොට මේ දෙදෙනාම නෙරංජනීට මතකයක් පමණක් වෙලා. ඇය එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන කතා කරන්නේ හරිම සංවේගයෙන්.
කොහොම වුණත් කලා ක්ෂේත්‍රයේ අපට මුණගැසුණු මේ තරු ද්විත්වය අද සජීවීව අප අතර නැහැ. දර්ශන් මියගියේ හෘදයාබාධයකින්..
ඒත් සුභාෂිනී ජීවිතය අත් හරින්නේ ඇය සිටි පීඩනයත් එක්කයි. සියදිවි නසාගන්නට පෙර මේ ලැබුණු මනුෂ්‍ය ආත්මය ගැන ඇයට තව හිතන්නට තිබුණා.
අපි හැමෝටම ජීවිතය අත් හරින්න මොන තරම් හේතු තිබුණත් , අපි ජීවත්වෙන්න හේතු සෙවිය යුතුයි. මොකද ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකයේ නොවෙන නිසා.
කොහොම වුණත් මේ නික්මයාම් ගැන කතාකරන කොට නෙරංජනී නම් කියන්නේ ඇයට සුභා එක්ක ඇත්තේ තරහක් බවයි. දර්ශන්ගේ මරණය ස්වාභාවික එකක්. එය වලක්වන්න අපි කාටවත්ම හැකියාවක් නෑ. ඒත් සුබාට ඇයගේ ජීවිතය ගැන තව හිතන්නට තිබුණා.
කලාකාරිණියක් විදිහට ඇය ලබාගත් ආදරය , ජනප්‍රියත්වය ගැන මෙවැනි තීරණයක් ගන්නට කලින් ඇයට හිතන්නට තිබුණා. මොකද රසිකයින් කියන්නේ කලාකරුවෙකුට කිසිදා අත් නොහැරෙන වත්කමක් නිසයි. කතාව කොහොම වුණත් දැන් ඒ හැම දෙයක්ම අවසන් වෙලා.
මෙන්න බලන්නකෝ ඉනි අවන් චිත්‍රපයේ මංගල දර්ශනය දවසේ ඔවුන් ගත්ත ඒ ඡායාරූපය. අද මේ ෆොටෝ එක නිසා නෙරංජනීගේ හිත මොන තරම් නම් පෑරෙනවා ඇතිද..? ඒ ගැන ඇය මෙන්න මේ විදිහට ඇයගේ මුහුණුපොතටද සටහනක් එක්කරලා තිබුණා.


2026 අප්‍රේල් 09, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 08, පෙ.ව. 11:13
2026 අප්‍රේල් 08, පෙ.ව. 12:14
2026 අප්‍රේල් 07, පෙ.ව. 11:46
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26