hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 23, පෙ.ව. 9:54



ඩීසල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 286ක් වැනි අතිවිශාල මුදලකට මිලදී ගැනීමට කටයුතු කිරීම නිසා ඉදිරි කාලයේදී ඩීසල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවනු ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මෙම මිලට ඉන්ධන සඳහා පනවා ඇති 18% ක අගය එකතු කළ බද්ද (VAT), ලීටරයකට රුපියල් 50ක් ලෙස එකතු වන අතිරේක බද්ද, ගනුදෙනුවට සම්බන්ධ තෙවන පාර්ශ්වයන්ට ගෙවීමට සිදුවන 3% ක කොමිස් මුදලද එකතු වන බවයි, හිටපු ඇමතිවරයා පෙන්වා දුන්නේ.

මෙම සියලුම පිරිවැය සහ බදු ප්‍රමාණයන් එකතු වූ විට ඉන්ධන ලීටරයක මිල රුපියල් හත්සියය ඉක්මවා යාම වැළැක්විය නොහැකි බවද පාඨලී චම්පික රණවක කීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පෙන්වා දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: