hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් 23, ප.ව. 1:59



සමාජ මාධ්‍යයේ අතිශය කතාබහට ලක්වන, ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ අවුරුදු උත්සවය සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි ඒකනායක අදහස් දැක්වීමක් සිදුකර තිබුණා.

ඒ අදහස් දැක්වීම සම්බන්ධයෙන් අනෝමා ජනාදරී සිය අදහස් දැක්වීම මෙසේ කර තිබුණා.

“දිල්හානි උපදෙස් වගයක් දීලා තිබුණා චන්දිමාල්ට අවුරුදු ක්‍රීඩා කරන විදිහ ගැන. ඒක කියවපු මට හිතුනා දිල්හානිට මේ ටික කියන්න. ලබන අවුරුද්දෙවත් රඟපාන චරිත වලින් දිල්හානිව පෙන්වන එක නවත්තලා චරිතයේ හැඟුම්, මනෝ භාව නිර්මාණය කරන්න කියලා. ‘දේදුන්නෙන් සමනලියක්’ ඉඳලා අද දක්වා රඟපාපු චිත්‍රපට 100 ක් වුණත් ඒවායේ චරිත 100ක් වෙලා නැහැනේ. නළු කලාව කියන්නේ තමුන්ව පෙන්වීම නෙවෙයි. චරිතය පෙන්වීම. ඒ වැරැද්ද චන්දිමාල් කෙරපු වැරැද්දට වඩා බරපතළ වැරැද්දක්, ඒක නිවැරදි කරගන්න දිල්හානිට මේ ජීවිතයේ බැරි බව දැන දැනත් මේක ලියන්නේ දිල්හානි අනුන්ගේ වැරැද්ද පෙන්වලා දිපු නිසා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: