2026 මැයි 07, ප.ව. 5:38
අපි විපක්ෂෙ විදිහට විපක්ෂෙ කාර්‍යභාරය කරපු නිසා තමයි රංවලගේ බොරුව එළිවෙලා මාස 3ක් යන්න කළින් අයින් වෙන්න සිද්ධ වුණේ යනුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ප්‍රකාශ කර තිබේ.
එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
”පච කියනවා කියලා මෙහෙමත් කියන්න පුළුවන්ද ලංකා ඉතිහාසයේ වෙච්ච ලොකුම ආපදාව දිත්වා ආපදාවලු එතකොට සුනාමිය මොකද්ද ? මේ වගේ බොරු කිය කිය මිනිස්සු අන්දලා ඒකට විරුද්ධව මිනිස්සු කෑගැහුවම බය කරන්න තමා හදිසි නීතිය තියෙන්නේ. ජනතාව හීන ලෝකෙට එක්කගෙන ඇවිල්ලා දැන් මේ විදිහට කටයුතු කරනවා . හැබැයි අපි විපක්ෂෙ විදිහට විපක්ෂෙ කාර්‍යභාරය කරපු නිසා තමයි රංවලගේ බොරුව එළිවෙලා මාස 3ක් යන්න කළින් අයින් වෙන්න සිද්ධ වුණේ .ඒ වගේම අපි කන්ටේනර් 23 වංචාව එළිකලා කට වහන්න හැදුවා හරිගියෙත් නෑ දැන් බොරුවට ජනාධිපතිවයි ඇමතිවයි කමිටුවට ගේන එක බහුතරය පාවිච්චි අද නැවැත්තුවට ආණ්ඩු මාරු වෙච්ච දවසක නවත්වන්න පුලුවන් වෙන්නේ නෑ. ගල් අගුරු වංචාව සදහා නැව් නවයක පාඩුව මිලියන 8497 යි තව නවයක පාඩුව එන්න තියනවා. ඒක තව සති දෙකකින් එළිවෙයි.
අන්තිමට මෙතන උන්මත්තක තක්කඩිකමෙන් හිටපු ඇමතිට ඉල්ලා අස්වෙන්න වුණා. 76 අවුරුද්දේ සාපෙ කිය කිය ආවෙ. මහලොකු ඇවිදින පුස්තකාල ගෙනාවා මුදල් ලේකම්ව ආනයනය කළා ඕස්ට්‍රේලියාවෙ ඉදන් මේ ඩොලර් මිලියන 2. 5 යනකම් මුදල් ලේකම් දන්නේ නෑ. හැකර්ලු මාර නාට්‍යක් තමයි හැකර් මේ සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා කාගෙවත් අනුමැතිය නැතුව සල්ලි ගන්නේ . මේ හැකර් සල්ලි අරන් තියෙන්නේ 14 දෙනෙ අනුමත කරලා . මේ විදිහට මහ බැංකුවෙ මුදල් මිලියන 18200 ක් අහිමි වෙලා තියනවා ,හර්ෂණ සූරියප්පෙරුම මුදල් ලේකම් මේකට වගකියන්න ඕනේ ඔහු ඉල්ලා අස්විය යුතුයි ”
2026 මැයි 07, ප.ව. 2:47
2026 මැයි 07, ප.ව. 12:23
2026 මැයි 07, පෙ.ව. 11:41
2026 මැයි 07, පෙ.ව. 11:28
2026 මැයි 07, පෙ.ව. 12:27
07-05-26
07-05-26
07-05-26
07-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
06-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26
05-05-26