hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 15, පෙ.ව. 12:05



විදුලි බිල වැඩි වීම ආණ්ඩුවේ විෂය පථයට මිස කඩුවෙල මහ නගර සභාවේ විෂය පථයට අයත් කාරණයක් නොවන බව ලංකා විදුලි පොදු සේවක සංගමයේ හිටපු ප්‍රධාන ලේකම්, කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් පවසයි.

මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කළේ, තමා නගරාධිපතිවරයා ලෙස තමන්ට පැවරුණු වගකීම් සහ කාර්යභාරය නිසි පරිදි ඉටුකරමින් සිටින බවයි.

“විදුලි බිල වැඩි වීම ලංකා විදුලි බල මණ්ඩලයෙයි ආණ්ඩුවෙයි විෂය පථයට අදාලයි. කඩුවෙල මහ නගර සභාවට විදුලි බිල වැඩි වීමේ විෂය පථය අදාළ නෑ.

ඒ නිසා මගේ කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. මම ඉල්ලීමක් කරනවා ඕන කෙනෙක්ගෙන් කඩුවෙල මහ නගර සභාවට අදාළ මගේ කාර්යභාරය පුළුවන් නම් විවේචනයට ලක් කරන්න.

ඇත්ත අඩුවක් තිබ්බොත් අඩුව හදාගන්නත්, නිවැරදි නොවන අඩුපාඩුවක් එළිදැක්වුවොත් එයට උත්‍තර දෙන්නත් අපි කටයුතු කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: