2026 මැයි 14, ප.ව. 9:26
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
අද (14) පස්වරු 7.30 වනවිට ධාරා ප්‍රදේශවලට රදේශයට ලැබෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් යළි විවෘත කර ඇති බව වාරියපොළ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව එම වාන් දොරටු දෙක අඩිය බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 1,400ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරෙමින් පවතින බව සඳහන්ය.
මේ අතර ඉඟිනිමිටිය ජලාශයේද අද පස්වරු 7.00 වනවිට වාන් දොරටු කිහිපයක් විවෘත කර ඇති බව වාරිමාර්ග ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා පවසයි.
ඒ අනුව වාන් දොරටු 2ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 2ක් අඩි 2 බැගින් විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි 5,000ක ජල ප්‍රමාණයක් මී ඔයට මුදාහැරෙමින් පවතී.
තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක්ද විවෘත කර ඇති අතර, ඉන් දොරටු 4ක් අඩි 3 බැගින් සහ තවත් දොරටු 4ක් අඩි 2 බැගින් විවෘත කර තත්පරයට ඝන අඩි 4,400ක ජල ප්‍රමාණයක් මී ඔයට නිකුත් කෙරෙන බවද සඳහන්ය.
මේ හේතුවෙන් ඉඟිනිමිටිය සහ තබ්බෝව ජලාශවල පහළ ප්‍රදේශවල, විශේෂයෙන් මී ඔය ආශ්‍රිතව ජීවත්වන ජනතාව ජල මට්ටමේ වෙනස්වීම් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
මේ අතර නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ශාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසීය.
විමලසුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමිමත් සමග කෙසෙල්ගමුඔයේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් තව දුරටත් පැවසීය.
2026 මැයි 15, පෙ.ව. 12:27
2026 මැයි 15, පෙ.ව. 12:24
2026 මැයි 15, පෙ.ව. 12:22
2026 මැයි 15, පෙ.ව. 12:17
2026 මැයි 15, පෙ.ව. 12:15
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26
14-05-26