2026 මැයි 18, පෙ.ව. 12:10
ඩීසල් ලීටරයක් රු.720 බැගින් මිලට ගෙන ජනතාවට අඩු මුදලකට අලෙවි කරන බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ සිපෙට්කෝ එකට අමතව ජාත්‍යන්තර සමාගම් වන සිනොපෙක් සහ IOC සමාගමද ලංකාවේ ඩීසල් අලෙවි කරන බවයි.
ඒ අනුව අදාළ පෞද්ගලික සමාගම්ද රු. 720ට ඩීසල් මිලට ගෙන මෙරට ජනතාවට දන්සැල් දමා ලාභෙට ලබා දෙන්නේ දැයි පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි.
පෞද්ගලික සමාගම් පාඩු පිට ඩීසල් අලෙවි නොකරන බවත් එම සමාගම්වලට පාඩු නැත්නම් රජයේ සිපෙට්කො සමාගමට පමණක් පාඩු වන්නේ කෙසේදැයි ඔහු තව දුරටත් විමසයි.
සිපෙට්කෝ සභාපතිවරයා ප්‍රකාශ කළ දත්ත අනුව ඩීසල් ලීටරයක මිල රු. 320 ඉක්මවා නොයන බවත් වර්තමාන මිලට ඩීසල් අලෙවි කර පෞද්ගලික සමාගම් ලාභ ලබන විට රජය පාඩු ලබන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා පැහැදිලි කළ යුතු බවද පුබුදු ජයගොඩ අවධාරණය කරයි.
පුබුදු ජයගොඩ මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනී රතුඉර වැඩසටහනට එකතු වෙමිනි.
2026 මැයි 18, පෙ.ව. 8:21
2026 මැයි 18, පෙ.ව. 12:26
2026 මැයි 18, පෙ.ව. 12:15
2026 මැයි 18, පෙ.ව. 12:12
2026 මැයි 18, පෙ.ව. 12:12
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
18-05-26
17-05-26
17-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
16-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26
15-05-26