hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 19, පෙ.ව. 12:02



ලංකාව තුළ වසරකට පිළිකා රෝගීන් පහළොස් දහසක්, දහ අටදහසක් අතර සංඛ්‍යාවක් අලුතින් හඳුනාගන්නා බව විශේෂඥ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සදහන් කර තිබේ .

මෙම අදහස් පළ කෙරුණේ ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමෙන් පසුව සුව වූවන්ගේ එකමුතුව විසින් සංවිධාන කරනු ලැබූ දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

අස්ථි ඇට මිදුලු බද්ධ කිරීමෙන් පසු එම රෝගීන් රැකබලා ගැනීම ඇතුළු මහජනතාව දැනුවත් කිරිමේ අරමුනින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණි.

එම සංඛ්‍යාවෙන් දෙදහසක් පමණ රුධිරගත පිලිකා රෝගීන් බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි .

වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසක්

” ලංකාවේ 15000 ක් 18000 ක් අතර අලුත් රෝගීන් රෝග විනිචය කිරීමෙන් පසුව 2000කට අධික රෝගීන් රුධිරගත පිළිකා තත්ව යටතේ හදුනා ගන්නවා මේ රෝගීන් අපි යොමු කරවන්නේ රුධිරගත රෝගී විශේෂඥ වෛද්‍යවරු වෙතයි .”   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: