2026 මැයි 25, පෙ.ව. 12:06
රුපියල අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන තාක්ෂණික කරුණු සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පවතින අර්බුදයට සැබෑ හේතුව ආණ්ඩුවේ වැරදි ආර්ථික තීන්දු සහ දේශීය ආර්ථික පදනමේ බිඳවැටීම බවයි.
නුගේගොඩ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් පුබුදු ජයගොඩ මේ බව කියා සිටියේය.
ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ මැදපෙරදිග යුද තත්ත්වය නිසා රුපියල අවප්‍රමාණය වූ බවට ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ හෙතෙම, 2023 ජුනි මාසයටත් වඩා වත්මන් ගෝලීය වෙළෙඳපොළේ ඩොලරයේ අගය පහත වැටී ඇති බව පෙන්වා දුන්නේය. ලෝක සංචිතවල 2001 වසරේදී 72%ක් වූ ඩොලර් ප්‍රතිශතය 2025 වන විට 58% දක්වා අඩු වී ඇති බවත්, බ්‍රික්ස් සංවිධානයේ මැදිහත්වීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ වෙළෙඳාම් යුවාන් සහ රූබල්වලින් සිදුවීම නිසා ඩොලරයට ලෝක මට්ටමින් තර්ජනයක් එල්ල වී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි. එහෙයින් ඩොලරය ශක්තිමත් වීම නිසා රුපියල වැටුණා යැයි කීම සම්පූර්ණ අසත්‍යයක් බවද පුබුදු ජයගොඩ අධාරණය කරයි.
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය අන්ධ ලෙස අනුගමනය කිරීම නිසා රටේ ආර්ථිකය දැඩි අනතුරකට වැටී ඇති බවද හෙතෙම සඳහන් කළේය. තම පක්ෂය මීට පෙර අනතුරු ඇඟවූ පිරිදි, වාහන ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් මේ වන විට රටට විදේශ විනිමය සංචිතවලින් ඩොලර් බිලියන 2.4ක් අහිමි වී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.
ගෙන්වන ලද වාහන ලක්ෂ තුනෙන් බස් රථ ඇත්තේ 700ක් වැනි සුළු ප්‍රමාණයක් බවත්, ඉතිරි බහුතරය අධි සුඛෝපභෝගී පෞද්ගලික වාහන වීම හේතුවෙන් රටේ ඉන්ධන පරිභෝජනය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් හෙතෙම අනාවරණය කළේය.
අනිල් ජයන්ත අමාත්‍යවරයා පවසන පරිදි ඩොලරයේ මිල ඉහළ යාමෙන් වාසියක් අත්වන්නේ අපනයනකරුවන්ට පමණක් බවත්, ඉන් ඇඟලුම් සේවිකාවන් ඇතුළු සාමාන්‍ය ශ්‍රමිකයන්ගේ ආදායම රුපියලකින් හෝ වැඩි නොවන බවත් ඔහු පෙන්වා දෙයි.
අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වන විට උද්ධමනය දෙගුණයකින් ඉහළ ගොස් හාල්, පරිප්පු, අල, ලූණු සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින ඉහළ යාම නිසා පීඩාවට පත්ව ඇත්තේ පහළ පන්තියේ ජනතාවයි.
ඉන්දියානු රුපියල ද කඩා වැටී ඇති බව පවසමින් ආණ්ඩුව මෙම ප්රශ්නය මඟහැරීමට උත්සාහ කරන බවත්, ඉන්දියාව යනු අතිවිශාල දිළිඳු ජනතාවක් වෙසෙන රටක් බැවින් ඉන්දියාව පෙන්වා ආණ්ඩුවට තමන්ගේ වැරදි වසාගත නොහැකි බවත් පුබුදු ජයගොඩ කියා සිටියි.
එදා පිටරට වෙන දේවල් දිහා බලමින් ලංකාවේ බඩු මිල වැඩි කරන්න ජනාධිපතිවරයෙක් කුමකටදැයි ඇසූ වත්මන් ජනාධිපති අනුර දිසානායකගෙන් අද ජනතාව එම ප්‍රශ්නයම ඇසීමට පෙර, ධනපතියන් අතළොස්සක් පිනවන ජනතාද්‍රෝහී ආර්ථික ක්‍රමය වෙනුවට ජනතාවාදී විකල්ප ආර්ථික වැඩපිළිවෙළකට ගමන් කරන ලෙස ආණ්ඩුවට බලකර සිටින බවද ප්‍රකාශ කරයි.
2026 මැයි 25, පෙ.ව. 12:20
2026 මැයි 25, පෙ.ව. 12:19
2026 මැයි 25, පෙ.ව. 12:15
2026 මැයි 25, පෙ.ව. 12:13
2026 මැයි 25, පෙ.ව. 12:11
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26