2026 මැයි 28, ප.ව. 6:58
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව, අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළාය.
ඇය සඳහන් කළේ වසර එකහමාරකට පමණ පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය ලැබූ මෙම ජයග්‍රහණය ඉතාමත් සුවිශේෂී වන බවයි.
“අද දවස ඉතාම ජයග්‍රාහී දිනයක්. වසර එකහමාරකට පස්සේ අද අපි වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ අනුව සභාපතිවරයා සහ උපසභාපතිවරයා අපි ඒකාබද්ධ විපක්ෂයෙන් පත් කරනවා. මෙය බොහොම ජයග්‍රාහී දිනයක්.”
වත්මන් රජයේ ආර්ථික සහ කළමනාකරණ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් ඇය කියා සිටියේ, රජය ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය ජනතාවගේ සැබෑ අවශ්‍යතා හඳුනාගැනීමෙන් තොරව බවයි.
“මේ ආණ්ඩුව යන ක්‍රමය මොකක්ද? ආණ්ඩුව යන්නෙත් QR Code ‘ඔත්තේ-ඉරට්ටේ ක්‍රමයයි’ වගේ. ඔත්තේ-ඉරට්ටේ දින බලාගෙන තෙල් ගහන්න යනකොට QR එක ඉල්ලනවා. හැබැයි තමන්ට අදාළ දවසට තෙල් ගහන්න යන මනුස්සයාගේ අතේ එදාට සල්ලි නැහැ. මොකද මේ ආණ්ඩුව නිර්ධන පන්තිය බිමට දාලා, පාගලා, විසි කරලා තියෙන්නේ.”
වත්මන් මාලිමා රජයට අවධාරණයක් කරමින් ඇය කියා සිටියේ, ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට ප්‍රථමයෙන් මෙරට දුප්පත් ජනතාව කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.
“අපි මාලිමා රජයට කියන්න කැමතියි, ඕගොල්ලෝ දීපු පොරොන්දු ඉටු කරන්න ඉස්සෙල්ලාම පොඩි ජනතාව, ඒ කියන්නේ එදා වේල හම්බ කරන් කන ජනතාව ගැන බලන්න කියලා. අපි බිම් මට්ටමේ ජනතාවත් එක්ක අදත්, එදත්, හෙටත් ඉන්නවා කියන කාරණය මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ
2026 මැයි 28, ප.ව. 4:02
2026 මැයි 28, ප.ව. 3:39
2026 මැයි 28, ප.ව. 12:00
2026 මැයි 28, පෙ.ව. 11:39
2026 මැයි 28, පෙ.ව. 11:17
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26