2026 ජූනි 02, පෙ.ව. 12:12
ඊයේ (1) දින දේශගුණික විපර්යාස සහ භූමිය සම්බන්ධ ආපදා කළමනාකරණය පිළිබඳව පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් දේශගුණ විපර්යාස සහ ආපදා කළමනාකරණය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් සහ විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විද්වත් කතිකාවක් සිදුවිය.
මෙම වැඩසටහන පරිසර අමත්‍යාංශයේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශය විසින් සංවිධානය කළ අතර මීට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ හා දේශගුණික විපර්යාස අධ්‍යයන අංශයේ අධ්යක්ෂ ප්‍රීතිකා මාධවී ජයකොඩි මහත්මිය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පර්යේෂණ හා සංවර්ධන අධ්යක්ෂවරයා සහ දේශගුණික මූල්‍ය සහ අවදානම් විශ්ලේෂක වරලත් නගර සැලසුම්කරු රොහාන් කුරේ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.
පවතින ස්වභාවික අර්බුදකාරී තත්ත්වයන් සමථයකට පත් කරගැනීම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ජගත් පරිසර දිනයට සමගාමීව විශේෂ අවධානයක් යොමුව ඇති අතර එම අර්බුද පාලනය කිරීම සදහා ප්‍රජාව තුළ පවතින දැනුවත් වීම සඳහා කටයුතු සිදු වේ.
2026 ජගත් පරිසර දිනයට සමගාමීව පසුගිය මස 30 වෙනි දින සිට පරිසර සතියක් ක්‍රියාත්මක අතර එම කාලය තුළදීයි පරිසර අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන මගින් වැඩසටහන් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක වේ.
ජූනි 2 වන දින ජෛව විවිධත්ව සංරක්ෂණය තේමාව කරමින් සිදු කරනු ලබන දියවන්නා ඔය රැක ගැනීම සම්බන්ධව පාර්ශ්වකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන මෙන්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මිලදී ගන්නා පළමු වාහන තොගය (ට්‍රැක්ටර් රථ) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීම ගරු පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
ජල හා ජල මූලාශ්‍ර සංරක්ෂණ තේමා කරගනිමින් සිදු කරනු ලබන හම්බන්තොට දිස්ත්‍රික් ජල සම්පත් මණ්ඩල කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහන පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීත් රිදියගම සමනල උයන විවෘත කිරීම සහ වෙබ් අඩවිය දියත් කිරීම (launching) රිදියගම සෆාරි උද්‍යානයේ දී සිදු කරනු ලබයි.
වීරකැටිය කුඩා බුබුළ දිය උල්පත සංරක්ෂණය කිරීම සඳහා සිදු කරනු ලබන නිරීක්ෂණය මෙන් ම වීරකැටිය ජල සායනය මගින් ප්‍රදේශයේ ජලයේ ගුණාත්මකභාවය සායනිකව තහවුරු කර ඒ පිළිබඳ වාර්තා බෙදා දීම හා දැනුවත් කිරීමේ වැඩසටහන ජූනි මස 3 වන දිනයි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
එමෙන්ම පේරාදෙණිය උද්භිද උද්‍යානය පල්ලෙකැලේ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සිදු කරන ඖෂධීය පැළ ප්‍රදර්ශනය සහ Electric Cart ලබා දීමේ වැඩසටහන ජූනි 4 වන දින පේරාදෙණිය උද්භිද උද්‍යානයේ දී පැවැත්වෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ශ්‍රී ලංකා ඒ්කාබද්ධ ජල තාක්ෂණ පර්යේෂණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය (JRDC) එක්ව සිදු කරන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමේ වැඩසටහන එදිනම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. එමෙන් ම 2025 වසරේ ජගත් පරිසර දිනයෙන් ආරම්භ කරන ලද දලුලන්න ඉඩදෙන්න ජාතික වැඩසටහන ඔස්සේ ආරම්භ වූ වනස්පති ජාතික වැඩසටහන යටතේ මේ වසර වන විට රක්ෂිත ලෙස ගැසට් කෙරුණු වැඩිම රක්ෂිත ප්‍රමාණය ලෙස ඉතිහාසයට එක් වී ඇත. හෙක්ටයාර හැටතුන්දහසකට වැඩිප්රමාණයකින් යුතු වනාන්තර 81ක ප්‍රමාණයක් මේ වන විට රක්ෂිත ලෙස ආරක්ෂා කර ඇති අතර ජගත් පරිසර දිනයට සමගාමීව වනාන්තර 5ක් රක්ෂිත ලෙස ආරක්ෂා වේ.
ජාතික පරිසර සතිය තුළ රුක් රෝපණය, පුනර්ජනනීය බලශක්ති භාවිතය ප්‍රවර්ධනය, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ඩිජිටල්කරණය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ පාරිසරික සංරක්ෂණය සිදු කිරීම සඳහා කටයුතු කිරීමට නියමිතයි.. පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ සමස්ත ජනතාවගේම සක්‍රීය දායකත්වය මෙන්ම තිරසර ජෛව ගෝලයක සදාහරිත ජීවිතයක් වෙනුවෙන් සිදු කරන මෙම ප්‍රායෝගික ක්‍රියාන්විතය සඳහා සියලු ප්‍රජාවගේ දායකත්වය අපේක්ෂා කරන බවයි.
2026 ජූනි 02, පෙ.ව. 12:19
2026 ජූනි 02, පෙ.ව. 12:17
2026 ජූනි 02, පෙ.ව. 12:16
2026 ජූනි 02, පෙ.ව. 12:15
2026 ජූනි 02, පෙ.ව. 12:12
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26
29-05-26