2026 ජූනි 02, පෙ.ව. 12:19
පසුගියදා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව වුවද, රජය සහ තෙල් සංස්ථාව තවමත් ඉන්ධන අලෙවි කරනු ලබන්නේ විශාල පාඩුවක් දරමින් බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසයි.
මැයි මස 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මිල ඉහළ දැමීමට තීරණය කළේ දේශීය ඉන්ධන වෙළඳපොළ කඩා වැටීම වැළැක්වීමට සහ අඛණ්ඩ සැපයුම සහතික කිරීමට බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, අප්‍රේල් මාසය අවසානය වන විට දත්ත අනුව ඩීසල් ලීටරයක් සඳහා යන සමස්ත පිරිවැය රුපියල් 850ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත්, එවකට වෙළඳපොළේ ඩීසල් ලීටරයක් අලෙවි වූයේ රුපියල් 392කටය.
මෙහිදී රජය රුපියල් 100ක බරක් දරන අතරතුර පවා, ඛනිජ තෙල් සංස්ථාව එක් ඩීසල් ලීටරයකින් රුපියල් 258ක පාඩුවක් විඳීමට සිදුව ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය. ඩීසල් වලට අමතරව පෙට්‍රල්, භූමිතෙල් සහ සුපර් ඩීසල් යන සියලුම වර්ග මේ වන විට අලෙවි කරනු ලබන්නේ පාඩුපිට බව හෙළි විය.
මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය සමනය වී ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහත වැටෙනු ඇතැයි රජය බලාපොරොත්තු වූවද, එම තත්ත්වය තවමත් උදා වී නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වය හමුවේ මිල සංශෝධනයක් සිදු නොකළේ නම් ඉන්ධන සැපයුම අඩාල වී ඉන්ධන වෙළඳපොළ කඩා වැටීමේ අවදානමක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
එවැනි බිඳ වැටීමක් හරහා විදුලි සැපයුමට සහ කර්මාන්ත වලට දැඩි බලපෑම් එල්ල වෙමින් සමස්ත ආර්ථිකයම කඩා වැටීමේ අනතුරක් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාරිභෝගිකයා මත පැටවෙන බර අවම කිරීම සඳහා රජය තවදුරටත් රුපියල් 100ක පමණ ප්‍රමාණයක් අඛණ්ඩව දරන බවත්, ඉතිරි පිරිවැය සංස්ථාව සහ පාරිභෝගිකයා අතර බෙදී යන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
2026 ජූනි 02, පෙ.ව. 12:17
2026 ජූනි 02, පෙ.ව. 12:16
2026 ජූනි 02, පෙ.ව. 12:15
2026 ජූනි 02, පෙ.ව. 12:12
2026 ජූනි 02, පෙ.ව. 12:12
02-06-26
02-06-26
02-06-26
02-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
01-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26
30-05-26