hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2026 ජූනි 03, පෙ.ව. 12:27



ආර්ථිකය ස්ථාවර කිරීමේ නාමයෙන් මහ බැංකු අධිපතිවරයා හිතුවක්කාර ලෙස ගනු ලබන තීන්දුවලින් අර්බුදය වර්ධනය වන බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

එම සංවිධානයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය අමතමින් මෙසේ පැවසීය.

“අද පවතින උද්ධමනය, රුපියල අවප්‍රමාණය වීම සහ ඉන්ධන පිරිවැය ආදිය නිසා භාණ්ඩ මිල ඉහළ යාම නිසා ඇතිවන තත්ත්වයක් මිස මුදල් සැපයුම නිසා සිදුවන දෙයක් නොවේ. 

ප්‍රතිපත්තිමය පොලී අනුපාත වැඩිකිරීම මගින් ආර්ථිකයට බරපතළ අගතියක් සිදුවෙනවා. රටේ පුද්ගලික ණය තොගය 2022 දී ට්‍රිලියන 5.2ක්. 

නමුත් 2026 වන විට එය දෙගුණයකට වඩා වැඩිවී 11.9 මට්ටමකට එනවා. එවැනි තත්ත්වයක් තුළ ණය පොලිය වැඩිවීම මගින් නව ණය ගැනීම් අඩුවන අතර ආර්ථික ක්‍රියාකාරකම් අඩුවෙනවා. 

ඊට අමතරව ගත් ණය ගොවාගැනීමට නොහැකි වීම නිසා බැංකුව සහ ණය හිමියන් යන දෙපාර්ශ්වයම අමාරුවේ වැටෙනවා. 

ඇපයට තබන දේපල බැංකුව විසින් අත්පත්කර ගැනීම තුළින් නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටෙනවා.

ඒ අතර, රන් ණය අත්තිකාරම් මුදල් පහළ දැමීම සහ සීමා පැනවීම මගින් හදිසි පුද්ගලික අවශ්‍යතාවයට ණය ගන්න පිරිසට අසාධාරණයක් වෙනවා. අවසානයේ ඒවා අඩු මිලට සින්න වෙනවා.” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: