2026 ජූනි 04, පෙ.ව. 12:10
ජාතික පරිසර සතියට සමගාමීව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන මගින් සංවිධානය කළ විශේෂ මාර්ගස්ථ දුම් පරීක්ෂාවක් සහ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කුලියාපිටිය නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක විය. පරිසර සතිය වෙනුවෙන් දිවයින පුරාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වසරකට මිලියන 6 ත් 7 ත් අතර ප්‍රමාණයක් වායු දූෂණය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බව සඳහන් වේ. ලංකාවේ වායු දූෂණය සිදුවන ප්‍රධානතම ප්‍රභවය ලෙස හඳුනාගෙන ඇත්තේ ද වාහන වායු විමෝචනයයි.
වාහනවලින් අධික ලෙස දුම පිටවීම යනු නොදැවුණු ඉන්ධන පරිසරයට මුදාහැරීමක් වන අතර, එය ඉන්ධන අකාර්යක්ෂමතාවයට මෙන්ම රටේ පවතින තත්ත්වය හමුවේ වාහන හිමියන්ට අමතර වැය බරක් ද එක් කරයි.
මේ හේතුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා වාහන නිසි පරිදි නඩත්තු කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අත්පත්‍රිකා මගින් රියැදුරන් දැනුවත් කර ඇත.
මෝටර් රථ වාහන පරීක්ෂකවරුන් සහ වාහන වායු විමෝචන තාක්ෂණික නිලධාරීන්ගේ සෘජු මෙහෙයවීමෙන් සිදුකළ මෙම පරික්ෂාවන්හිදී, මාර්ගයේ අධික ලෙස දුම පිට කරමින් ධාවනය වූ ලංගම බස් රථ ඇතුළු රථ වාහන රැසක් හඳුනාගෙන ඇති අතර ඒ සඳහා ‘නඩත්තු නියෝග’ නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ මේ අනුව වායු දූෂණය අවම කිරීම සඳහා සියලුම වාහන හිමියන් වාහන නිසි වේලාවට නඩත්තු කරමින් සහයෝගය දක්වන ලෙසයි.
2026 ජූනි 14, පෙ.ව. 12:33
2026 ජූනි 14, පෙ.ව. 12:29
2026 ජූනි 14, පෙ.ව. 12:21
2026 ජූනි 14, පෙ.ව. 12:18
2026 ජූනි 14, පෙ.ව. 12:17
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
14-06-26
13-06-26
13-06-26
13-06-26
13-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26
12-06-26